file
පසුගියදා පාස්පෝට් දෙකක් සමග මෙරටට පැමිණි චීන ජාතික සම්බන්ධයෙන් චීන තානාපති කාර්යාලය ප්‍රතිචාර දක්වා තිබෙනවා.
ඒ ට්විටර් සටහනක් තබමින්.
එම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුවෙමින් පවතින බව ට්විටර් සටහනේ දැක්වෙනවා.
එම ට්විටර් සටහන මෙසේය.
“ව්‍යාපාර, රැකියා, අධ්‍යාපනය සහ සංචාරක කටයුතු සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන සියලුම චීන පුරවැසියන්ට ශ්‍රී ලංකාවේ නීති රීති දැඩි ලෙස පිළිපදින ලෙසත් දේශීය ආගමික හා සංස්කෘතික සිරිත් විරිත්වලට ගරු කරන ලෙසත් තානාපති කාර්යාලය නැවත වරක් සිහිපත් කරයි.
ව්‍යාජ ලියකියවිලි සකස් කර ශ්‍රී ලංකාවට පැමිණීමට උත්සාහ කළ බව කියන චීන ජාතිකයෙකු පිළිබඳ මෑත කාලීන වාර්තා තානාපති කාර්යාලයේ අවධානයට ලක්ව ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුවෙමින් පවතී.”
සිද්ධියට සම්බන්ධ චීන ජාතිකයා රට තුළට ගෙන්වා ගැනීම සඳහා සහාය දීම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දුට ද මේ වනවිට චෝදනා එල්ල වී තිබෙනවා.
මේ පිළිබඳව අමාත්‍ය ටිරාන් අලස්ගෙන් කළ විමසීමකදී ඔහු පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් අනිවාර්යෙන්ම පවත්වන බවයි.
නමුත් අමාත්‍යවරයා සම්බන්ධයෙන් විමර්ශනය නොකරන බව ඔහු අවධාරණය කළේය
ඔහු පැවසුවේ ආගමන විගමන නිලධාරීන්ගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බවයි
මෙම ක්‍රියාවලිය තුළදී වැරැද්දක් සිදුව ඇති බවට තමන් පිළිගන්නා බව ද අමාත්‍ය ටිරාන් අලස් අවධාරණය කළා.
ඔහු මේ බව පැවසුවේ අද පැවති මාධ්‍ය හමුවකදී.
මේ අතර මෙම සිද්ධිය සම්බන්ධය ආගමන විගමන පාලකවරයාගෙන් ද ප්‍රශ්න කර ඇති බවට වාර්තා වෙනවා.
නේපාලයේ ඇති වූ විනාශකාරී ගංවතුර තත්ත්වය හේතුවෙන් සිදුව ඇති ඛේදජනක ජීවිත හානි පිළිබඳව ජනාධිපති අනුර…
හංසවතී නගරයේ අගරජ වූයේ ආනන්ද නම් රජෙකි. සුමන කුමරු ආනන්ද රජුගේ දෙටු පුත‍්‍රයාය. විජිතයේ හටගත්…
ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…
ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…
උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…