Monday, June 15, 2026
Homeදේශීයපොලිස් වෙඩි තැබීමකින් පාසල් සිසුවෙක්ට තුවාල: සුනඛයෙක් මරුට..

පොලිස් වෙඩි තැබීමකින් පාසල් සිසුවෙක්ට තුවාල: සුනඛයෙක් මරුට..

ගම්පොල, අබදෙණිය ප්‍රදේශයේදී පොලීසිය සිදු කළ වෙඩි තැබීමකින් පාසල් සිසුවෙකුට තුවාල සිදුව තිබෙනවා.

සිසුවාගේ වයස අවුරුදු 18ක්.

වෙඩි ප්‍රහාරයෙන් නිවසේ සිටි සුනඛයා ද මියගොස් ඇති බව පොලීසිය සඳහන් කළා.

නීති විරෝධී මත්පැන් ඇති බවට ලද තොරතුරක් මත නිවසක් පරීක්ෂා කිරීමට ගිය අවස්ථාවේ නිවසේ සිටි සුනඛයා පොලිස් නිළධාරීන් සපා කෑමට උත්සාහ කර ඇතැයි වාර්තා වෙනවා.

එම අවස්ථාවේ සුනඛයා මෙල්ල කිරීම සදහා පොලීසිය අහසට වෙඩි තැබීමට පියවර ගෙන ඇතත් වැටලීමට ගිය පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සුනඛයා විසින් සපා කා තිබෙන බව පොලීසිය පවසනවා.

එහිදී සුනඛයාට සිදු කළ වෙඩි තැබීමෙන් සුනඛයා මිය ගොස් ඇති අතර, ඒ අසල සිටි පාසල් සිසුවාගේ පාදයකට වෙඩි වැදී තුවාල ලබා ඇතැයි පොලීසිය සඳහන් කළා.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පාසල් සිසුවා ගම්පොල රෝහලේ ප්‍රතිකාර ලබන අතර සුනඛයා මියගොස් තිබෙනවා.

READ:   වීදුරු වැල් පාලමේ යකඩ සපත්තු දමා ආ අසීරු ගමන වෙන අයට භාරදීලා පාලම කඩාවැටෙන්න, මිනිස්සු අමාරුවේ වැටෙන්න ඉඩ දෙන්නේ නෑ - ඇමති මනූෂ
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්