Tuesday, September 8, 2026
Homeදේශීයමහල් නිවාසයකින් ඇදවැටී මියගිය නදීකාගේ දේහය ගෙන එයි..

මහල් නිවාසයකින් ඇදවැටී මියගිය නදීකාගේ දේහය ගෙන එයි..

සිංගප්පූරුවේ දී මහල් නිවාසයකින් ඇදවැටී මියගිය නදීකා දිල්හානිගේ දේහය අද (20) උදෑසන කටුනායක ගුවන්තොටුපොළින් මෙරටට රැගෙනවිත් තිබෙනවා.

අනතුරව දේහය මරණ පරීක්ෂණයක් පැවැත්වීම සඳහා මීගමුව රෝහලට ගෙන ගොස් ඇති බව වාර්තා වෙනවා.

තම දියණියගේ මියයෑම සැකසහිත බව ඇයගේ මව මෙහිදී ප්‍රකාශ කර තිබේ.

සේවය කළ නිවසේ අය හිරහැරකරන බවට දියණිය විසින් තමන්ට දුරකථනය ඔස්සේ පැවසූ බව ඇය පවසනවා.

දියණිය සේවය කළ නිවසේ සීසීටීවී දර්ශන පරික්ෂා කර ඇයගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් පැවැත්වීමට පියවර ගන්නා ලෙස ඇය රජයෙන් ඉල්ලා සිටිනවා.

READ:   දෝනි ප්‍රමුඛ චෙන්නායි සුපර් කිංග්ස් IPL අවසන් මහ තරගයට
RELATED ARTICLES

නවතම වීඩියෝ

The request cannot be completed because you have exceeded your quota.

පුවත්

පැරණි පුවත්