දේශීය

“ජෙරම් ප්‍රනාන්දු එක්ක මගේ කිසිම සම්බන්ධයක් නැහැ” – මහින්ද රාජපක්ෂ

ජෙරම් ප්‍රනාන්දු නැමති දේවගැතිවරයා සමග තමන්ගේ කිසිදු සම්බන්ධතාවයක් නැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

ලැබුණු ඉල්ලීමක් මත අග්‍රාමාත්‍යධූරයේ සහ ආගමික කටයුතු අමාත්‍යධුරයේ කටයුතු කළ සමයේදී එක් අවස්ථාවක් පමණක් ඔවුන්ව හමුවූ බවයි හිටපු ජනාධිපතිවරයා පවසන්නේ.

එම නිල හමුවේදී ලබා ගත් ජායාරූප මාධ්‍යට නිකුත් කල බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.

ජෙරම් ප්‍රනාන්දු සමග හෝ සිම්බාබ්වේ ජාතික ඌබට් එන්ජල් දේවගැතිවරයා සමග කිසිදු සම්බන්ධයක් නැති බවයි ඒ මහතා පැවසුවේ.

දේවගැති ජෙරම් ප්‍රනාන්දු අගම්වලට එරෙහිව සිදුකර ඇති අවමන් සහගත ප්‍රකශ තරයේ හෙළා දකින බව ඒ මහතා වැඩිදුරටත් පවසනවා.

ජෙරම් ප්‍රනාන්දු හා සිම්බාබ්වේ ජාතික ඌබට් එන්ජල් යන දේවගැතිවරුන් සමග හිටපු ජනාධිපතිවරයා පෙනී සිටින ඡායාරූපයක් සමාජ මාධ්‍යයේ සංසරණය වීමත් සමග ඒ සම්බන්ධයෙන් සමාජයේ දැඩි කතාබහක් ඇති වුණා.

Recent Posts

Protest in Los Angeles Demands Justice for Sri Lankan Garment Worker Pushpalatha

Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…

3 days ago

ලොස් ඇන්ජලීස්හිදී ශ්‍රී ලාංකික ඇඟලුම් සේවිකාවකට යුක්තිය ඉල්ලා විරෝධතාවක්

Victoria’s Secret විලාසිතා දැක්ම අතරතුර පුෂ්පලතාගේ මරණය ගැන අවධානය යොමු කරයි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර…

3 days ago

දිවයින පුරා බිඳ වැටුණු විදුලිය යථා තත්ත්වයට

දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…

7 days ago

වේදනාව, පසුතැවීම ඉතිරි කර මහ ඇතාත් යන්න ගිහින්

මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…

1 week ago