දේශීය

ගින්නෙන් අළු වූ අරණායක ජනතාවගේ සිහිනය..

අරණායක ,උස්සාපිටිය පොදු ක්‍රිඩාංගනයේ හදිසි ගින්නක් හටගෙන තිබෙනවා.

ඊයේ (19) සවස ඇතිවූ එම ගින්නෙන් අසුපිනිඇල්ල ජල ව්‍යාපෘතියට අයත් රබර් ජල නල 100 කට අධික සංඛ්‍යාවක් ගින්නෙන් විනාශ වුණා.

මෙලෙස ගින්නට හසුව ඇත්තේ ප්‍රධාන මාර්ගයේ සිට අතුරු මාර්ගවලට ජලය බෙදා හැරීම සදහා යොදා ගන්නා ජල නල ගබඩාවකි.

මෙම ගිනිගැනීම සිදුව ඇත්තේ අද (20) දිනයේ අසුපිනිඇල්ල ජල ව්‍යාපෘතිය විවෘත කිරීමට නියමිතව තිබියදීයි.  

එම ජල නල අරණායක ජනතාවට ජලය ලබා දීම සඳහා ගෙනවිත් එළිමහනේ ගබඩා කර තිබී ඇත.

ප්‍රදේශවාසින් සහ මාවනැල්ල ගිනි නිවීමේ ඒකකය එක්ව ගින්න මැඩ පවත්වා තිබූ අතර ගින්න ඇති වීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

අරණායක පොලිසිය හා කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Recent Posts

SAWM-SL ඩිජිටල් සමානාත්මතා AI පුහුණු වැඩමුළු සඳහා අයදුම්පත් දැන් විවෘතයි

COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…

3 days ago

LTTE සංවිධානය විසින් ඝාතනය කළ යාපනය සරසවියේ ආචාර්ය රාජිනී තිරාණගමගේ දියණිය — අද Stanford සරසවියේ ප්‍රකට මානව විද්‍යාඥවරියක්

Sharika Thiranagama යනු යුද්ධය, අවතැන්වීම, මතකය, අනන්‍යතාව සහ “නිවස” පිළිබඳ මිනිස් අත්දැකීම් අධ්‍යයනය කරන ප්‍රකට…

3 days ago

නව චීන තානාපති සහ ජවිපෙ ප්‍රධාන ලේකම් අතර හමුවක්

ශ්‍රී ලංකාවට අභිනවයෙන් පත්වූ චීන තානාපති වෙයි හුආෂියැන්ග් (Wei Huaxiang) මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ…

5 days ago

නැගෙනහිර බහලුම් පර්යන්තයේ දෙවැනි අදියරේ සංවර්ධන කටයුතුවල විෂමතා අක්‍රමිකතා රැසක් පවතිනවා – විපක්ෂ නායක

නැගෙනහිර බහලුම් පර්යන්තයේ දෙවැනි අදියරේ සංවර්ධන වැඩකටයුතු ගැන විෂමතා අඩුපාඩු ගණනාවක් ඇති බවට එහි සේවය…

5 days ago

BREAKING

22 වැනි සංශෝධනයට එරෙහි පෙත්සම් පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගැනීමේ ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරේ

7 days ago

තැඹිලි ගම්මාන 250ක් පිහිටුවීමේ ජාතික ව්‍යාපෘතිය හෙට ඇරඹේ

චමීර ඇල්ලදෙණිය ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ තැඹිලි වගාව ජාත්‍යන්තර මට්ටමට ඔසවා තබමින්, රටේ අපනයන…

7 days ago