Thursday, September 10, 2026
Homeදේශීයලංකා බැංකුවේ 2022 වාර්ෂික වාර්තාව ජනපතිට පිළිගන්වයි..

ලංකා බැංකුවේ 2022 වාර්ෂික වාර්තාව ජනපතිට පිළිගන්වයි..

ලංකා බැංකුවේ 2022 වාර්ෂික වාර්තාව ලංකා බැංකුවේ සභාපති ජනාධිපති නීතිඥ රොනල්ඩ් සී. පෙරේරා මහතා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගන්වනු ලැබීය.

අද (18) මුදල් අමාත්‍යාංශයේ දී එම පිළිගැන්වීම සිදුවිය.

ලංකා බැංකුවේ www.boc.lk සහ කොටස් වෙළෙඳපොළ www.cse.lk වෙබ් අඩවි ඔස්සේ 2022 වාර්ෂික වාර්තාවට පිවිසිය හැකියි.

මහජනතාවට සහ ගනුදෙණුකරුවන්ට දැන ගැනීම පිණිස ඉදිරියේ දී මෙම වාර්තාව සිංහල හා දමිළ බසින් නිකුත් කිරීමට නියමිතය.

ලංකා බැංකුවේ සාමාන්‍යාධිකාරි රසල් ෆොන්සේකා, ‍ප්‍රධාන මූල්‍ය නිලධාරි රුවන් කුමාර යන මහත්වරු ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

READ:   දවසේ කාලගුණය
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්