Friday, September 11, 2026
Homeදේශීයදරුවන් පැහැර ගැනීමේ කණ්ඩායමක් ගැන පොලිසියෙන් නිවේදනයක්..

දරුවන් පැහැර ගැනීමේ කණ්ඩායමක් ගැන පොලිසියෙන් නිවේදනයක්..

සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙමින් පවතින දරුවන් පැහැර ගැනීමට උත්සහ කරන කණ්ඩායමක් සම්බන්ධයෙන් අක්මීමන පොලිසියෙන් දැනුම් දීමක් සිදුකර ඇති බවට වන පුවත සම්බන්ධයෙන් පොලිසිය පැහැදිලි කිරීමක් කරනවා.

අක්මීමන පොලිස් ස්ථානාධිපතිවරයා විසින් ඒ බව දන්වා ඇත.

ඒ අනුව, ඒලෙස සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ දරුවන් පැහැර ගැනීමට උත්සහ කරන කණ්ඩායමක් ගැන අක්මීමන පොලිසිය දැනුම් දීමක් කර නොමැති බව පොලිසිය පවසනවා.

එවැනි ආකාරයේ දරුවන් පැහැර ගැනීමක් හෝ එවැනි උත්සහ කිරීමක් අක්මීමන පොලිස් බල ප්‍රදේශය තුළින් වාර්තා වී නොමැති බව පොලිසිය සඳහන් කරනවා.

ඒ අනුව එම පුවත අසත්‍ය පුවතක් බවයි පොලිසිය මහජනතාවට දැනුම් දී සිටින්නේ.

READ:   ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර වෙළඳ කාර්යාලයක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්