Thursday, June 11, 2026
Homeදේශීයසාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ නිවේදනයක්..

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ නිවේදනයක්..

2023 මැයි මස පැවැත්වීමට නියමිත සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත මෙතෙක් ජාතික හැඳුනුම්පත ලබා ගැනීම සඳහා ඉල්ලුම්පත් ඉදිරිපත් කර නොමැති සිසුන් තම ජාතික හැඳුනුම්පත ලබා ගැනීම සඳහා කඩිනමින් ඉල්ලුම් කරන ලෙස පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

නිවැරදිව සම්පූර්ණ කරන ලද ඉල්ලුම්පත් තමා ඉගෙනුම ලබන විදුහලේ විදුහල්පති මගින් හෝ ස්ථිර පදිංචි කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී මගින් සහතික කර, අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත කඩිනමින් යොමු කළ යුතුයි.

ඉල්ලුම්පත් යොමු කර ඇති නමුත් මේ වන තෙක් ජාතික හැඳුනුම්පත් තොරතුරු තහවුරු කිරීමේ ලිපිය ලැබී නොමැති අයදුම්කරුවන් සිටී නම් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ දුරකථන අංක 011 5226100, 011 5226126 මගින් විමසීම් කළ හැක.

READ:   කොරියාවේ රැකියාවට යන අලුත් විදිහ මෙන්න
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්