Tuesday, September 8, 2026
Homeදේශීයවෛද්‍ය පීඨයේ විරෝධතාවට පොලිසියෙන් ජල ප්‍රහාර..

වෛද්‍ය පීඨයේ විරෝධතාවට පොලිසියෙන් ජල ප්‍රහාර..

වෛද්‍ය පීඨ සිසුන් විසින් පැවැත්වූ විරෝධතාවයක් විසුරුවා හැරීමට පොලිසිය විසින් ජල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

විරෝධතාව අද සවස ආරම්භ කළේ, කොළඹ, විහාරමහා දේවි උද්‍යානය ඉදිරිපිටින්.

අද (16) පස්වරුවේ කොළඹ හෝර්ටන් පෙදෙස අසල දී මෙම ජල ප්‍රහාරය එල්ල කර තිබේ.

“නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍ය වනසන වෛද්‍ය උපාධි කඩ ගෙන ඒමේ ආණ්ඩුවේ කුමන්ත්‍රණය පරදවමු” යන්න තේමා කර ගනිමින් විරෝධතාවය පැවැත්වුණා.

මෙලෙස විරෝධතාවයේ නිරත වුණේ, සබරගමුව, මොරටුව, රජරට යන වෛද්‍ය පීඨවල සිසුන් පිරිසක්.

file
READ:   පගාව අරන් පාස්පෝට් අරන් දෙන්න හැදුව 09 ක් පොලිස් දැලේ..
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්