file
“මෝඛා” සුළි කුණාටුව පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.
ඊසාව දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව ස්ථානගතව පැවැති “මෝඛා” අතිශය චණ්ඩ කුණාටුවක් ඊයේ (14) දහවල් කාලයේදී ගිනිකොනදිග බංග්ලාදේශය සහ උතුරු මියන්මාර වෙරළ තීරය ආසන්නයේ ගොඩ බිමට ඇතුළු වී ඇති බව එම දෙපාර්තමේන්තුව පවසනවා.
බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ ක්‍රියා කරන බහුදින ධීවර යාත්‍රා සඳහා මෙම නිවේදනය නිකුත් කර තිබේ.
ඉදිරි පැය 24 තුළදී එය පීඩන අවපාතයක් සහ අඩුපීඩන කලාපයක් දක්වා දුර්වල වනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
මේ අතර මෝඛා සුළි කුණාටුව ඊයේ බංග්ලාදේශයට සහ මියන්මාරයට කඩා වැදුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
පැයට කිලෝමීටර 200 කට අධික වේගයෙන් හමාගිය සුළි කුණාටුවෙන් දෙරටෙහි මුහුදුබඩ පළාත් රැසකට දරුණු හානි සිසුව ඇත.
මේ හේතුවෙන් පුද්ගලයින් දහස් සංඛ්‍යාවක් අවතැන්ව ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…