file
“මෝඛා” සුළි කුණාටුව පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.
ඊසාව දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව ස්ථානගතව පැවැති “මෝඛා” අතිශය චණ්ඩ කුණාටුවක් ඊයේ (14) දහවල් කාලයේදී ගිනිකොනදිග බංග්ලාදේශය සහ උතුරු මියන්මාර වෙරළ තීරය ආසන්නයේ ගොඩ බිමට ඇතුළු වී ඇති බව එම දෙපාර්තමේන්තුව පවසනවා.
බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ ක්‍රියා කරන බහුදින ධීවර යාත්‍රා සඳහා මෙම නිවේදනය නිකුත් කර තිබේ.
ඉදිරි පැය 24 තුළදී එය පීඩන අවපාතයක් සහ අඩුපීඩන කලාපයක් දක්වා දුර්වල වනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
මේ අතර මෝඛා සුළි කුණාටුව ඊයේ බංග්ලාදේශයට සහ මියන්මාරයට කඩා වැදුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
පැයට කිලෝමීටර 200 කට අධික වේගයෙන් හමාගිය සුළි කුණාටුවෙන් දෙරටෙහි මුහුදුබඩ පළාත් රැසකට දරුණු හානි සිසුව ඇත.
මේ හේතුවෙන් පුද්ගලයින් දහස් සංඛ්‍යාවක් අවතැන්ව ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…