දෙමටගොඩ දුම්රිය අංගනයේ සිදුවූ පීලි පැනීමක් හේතුවෙන් දුම්රිය ප්‍රමාදයක් ඇතිව තිබෙනවා.
පෙ.ව. 05/55 ට කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වීමට නියමිත පොඩි මැණිකේ සීඝ්‍රගාමී දුම්රිය සහ පෙ.ව. 06/05 ට කොළඹ කොටුව සිට ත්‍රිකුණාමලය සහ මඩකලපුව දක්වා ධාවනය වීමට නියමිතයි.
උදයදේවී සීඝ්‍රගාමී දුම්රියද බොහෝ වේලාවක් ප්‍රමාද වී ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
පෙ.ව. 07/05 ට කොළඹ කොටුව සිට මහනුවර දක්වා ධාවනය වීමට නියමිත නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය සහ පෙ.ව. 07/40 ට කොළඹ කොටුව සිට පුත්තලම දක්වා ධාවනය වීමට නියමිත මන්දගාමී දුම්රියද ප්‍රමාද වී ධාවනය වීමට ඉඩ ඇත.


