දේශීය

බස්නාහිර පළාත් මහ නගර සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුකමිටුවක්..

බස්නාහිර පළාත් සංවර්ධනයට අදාළ සුබානා ජුරොං (Surbana Jurong) සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුකමිටුවක් පත් කරන බවත්, එම සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කිරීමට අදාළව නව ආයතනයක් පිහිටුවීමට අපේක්ෂා කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

file

රටේ ආර්ථිකයට සියයට පනහක පමණ දායකත්වයක් ලබාදෙන බස්නාහිර පළාත විධිමත් නගර සංවර්ධන සැලැස්මක් ඔස්සේ පුළුල් සංවර්ධනයකට ලක් කළයුතු බව අවධාණය කළ ජනාධිපතිවරයා අවිධිමත්ව සිදු කෙරෙන නගර සංවර්ධනය පසුව පාලනය කළ නොහැකි තත්ත්වයක් වනු ඇති බව ද පෙන්වා දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ බස්නාහිර පළාත් මහ නගර සංවර්ධන සැලැස්ම පිළිබඳ අදාළ නිලධාරීන් සමඟ ඊයේ (14) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීය.

නැගෙනහිර පළාත සඳහා වු සංවර්ධන සැලැස්ම අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන ලෙස ද ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

1997 පමණ ඉන්දික ගුණවර්ධන අමාත්‍යවරයා බස්නාහිර පළාත් සංවර්ධනයට අදාළ පළමු සැලැස්ම ඉදිරිපත් කළ බව සිහිපත් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අනතුරුව සිංගප්පුරුවේ සුබානා ජුරොං (Surbana Jurong) සමාගම 2004 වසරේ ඉදිරිපත් කළ සැලැස්ම ද ක්‍රියාත්මක නොවු බව කියා සිටියේය.

ඉන් අනතුරුව 2015 වසරින් පසුව එම සමාගම විසින් අදාළ සැලැස්ම නැවත සංශෝධනය කර ලබා දුන් අතර එම සැලැස්ම පිළිබඳ සියලුදෙනා සමග සාකච්ඡා කර, අවශ්‍යනම් තවදුරටත් සංශෝධන සහිතව බස්නාහිර පළාතට අවශ්‍ය මුලික සංවර්ධන සැලැස්ම පිළිබඳ කඩිනම් තීරණයකට එළැඹෙන ලෙස ද ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

file

එමෙන්ම නාගරික සංවර්ධන අධිකාරිය හරහා බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක කිරීමට යෝජිත ප්‍රධාන සංවර්ධන සැලැස්ම ද මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඉදිරිපත් කෙරිණි.

එම සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ඉඩම් නිදහස් කර ගැනීම සහ ඉඩම් පවරා ගැනීම් සම්බන්ධයෙන් ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් වූ අතර එම කටයුතු කඩිනම් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරින්ට උපදෙස් දුන්නේය.

file

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, අමාත්‍යවරුන් වන සුසිල් ප්‍රේමජයන්ත, ප්‍රසන්න රණතුංග, බන්දුල ගුණවර්ධන, විජයදාස රාජපක්ෂ, නලින් ප්‍රනාන්දු, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන, ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරු සහ අමාත්‍යාංශ ලේකම්වරු ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

ජනාධිපති මාධ්‍ය අංශය

Recent Posts

ප්‍රදේශ කිහිපයක අදත් හවසට වැස්ස

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවල පස්වරු 1.00…

56 mins ago

තුර්කි – ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික නියෝජිත හමුවක්

ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ දෙරට අතර ආර්ථික…

58 mins ago

රජයේ නොහැකියාවයි වැඩ බැරිකමයි වහගන්න මර්දන පනත් ගෙන එන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක

අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්‍ය පාලනයක්…

1 day ago

රට හරි පාරේ ගෙනියන්න මඟපෙන්වීම දෙන්නේ අපි-npp විද්වත් සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජික ජනාධිපති නීතිඥ උපාලි කුමාරප්පෙරුම

මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…

1 day ago

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

3 days ago