Tuesday, July 28, 2026
Homeදේශීයබුද්ධි තොරතුරක් මත කොළඹ ආරක්ෂාව තර කෙරේ..

බුද්ධි තොරතුරක් මත කොළඹ ආරක්ෂාව තර කෙරේ..

යම් බුද්ධි තොරතුරක් මත පදනම්ව කොළඹ ආරක්ෂාව තර කිරීමට තීරණය කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා පවසනවා.

දිවයිනේ සෙසු ප්‍රදේශ වලත් විශේෂ මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි ඒ මහතා පැවසුවේ.

යම් පිරිසක් සංවිධානාත්මකව රජයට බලපෑමක් එල්ල කිරීමට සූදානම් බවට ලැබුණු තොරතුරකට අනුව මෙම පියවර ගෙන ඇති බව වාර්තා වෙනවා.

කොලඹ විශ්වවිද්‍යාලය අවට ප්‍රදේශයට පොලිසිය , පොලිස් විශේෂ කාර්ය බලකාය සහ පොලිස් කැරළි මර්දන ඒකකය ද කැඳවා ඇති බව වාර්තා වෙනවා.

පොලිසිය සහ ත්‍රිවිධ හමුදාවට අමතරව ගිනි නිවන රථ කැඳවා ඇති බව සඳහන්.

කොළඹ නිදහස් චතුරස්‍රය, කොල්ලුපිටිය මංසන්ධිය , අරලිය ගහ මන්දිරය යන ස්ථාන වල ආරක්ෂාව තර කරීමට ආරක්ෂක අංශ පියවර ගෙන තිබූ බව වැඩිදුරටත් වාර්තා වෙනවා.

READ:   බොරු දාලා කීර්ති නාමයට හානි කොරොත් නීති මාර්ගයෙන් කටයුතු කරනවා!! සලේ ගෙන් චැනල් 4 එකට සද්දයක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

The request cannot be completed because you have exceeded your quota.

පුවත්

පැරණි පුවත්