දේශීය

විදේශ ශ්‍රමිකයින් මෙරටට එවූ ප්‍රේෂණවලින් වසරක් තුළ රටේ ආර්ථිකය වෙනස් වුණා..

විදෙස් ශ්‍රමිකයන් එවූ ප්‍රේෂණ නිසා වසරක් තුළ දී මෙරට ආර්ථිකය වෙනස් වූ බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පවසනවා.

සිංගප්පූරුවේ හෙද වෘත්තිය සඳහා පිටත්ව යන මෙරට පළමු හෙද පිරිස අමතමින් අමාත්‍යවරයා ඊයේ (12) මේ බව පැවසුවා.

විදෙස්ගත ශ්‍රමිකයන් මෙරටට එවන ප්‍රේෂණ රටේ ප්‍රධාන ආදායම් මාර්ගය වී ඇති බව අමාත්‍ය මෙහිදී පැවසුවා.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“ශ්‍රී ලාංකිකයින්ගේ කාරුණිකබව නිසා වැඩි වශයෙන් හෙද රැකියා ලාංකිකයින්ට හිමිවෙනවා. ලංකාවේ ඉන්නේ හෙදියන් 38000යි. හෙද හෙදියන් මදි. අපේ රෝහල්වලට ගැලපන ප්‍රමාණයට හෙදියන් වැඩි කරන්න පුළුවන් වුනොත් අපිට පුළුවන් වැඩි වශයෙන් හෙද වෘත්තිකයින් විදේශ රැකියාවට යවන්න.

පහුගිය සතියේ හෙද විශ්ව විද්‍යාලයක් ආරම්භ කරන්න කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වුණා. ඒ මගිනුත් නව හෙදියන් පුහුණු කරලා විදේශ රැකියාවලට යවන්න පුළුවන්. එහෙම නැත්නම් රට තුළ Health Tourism ක්ෂේත්‍රය ආරම්භ කරන්න පුළුවන්. එමගිනුත් වැඩි වශයෙන් විදේශ විනිමය උපයාගන්න පුළුවන්.

දියුණු රටවල් වන එංගලන්තය, කැනඩාව, ජර්මනිය, ඇමරිකාව වැනි රටවල ලාංකික හෙද නිළධාරීන්ට රැකියා අවස්ථා විශාල වශයෙන් ලැබෙනවා. නමුත් ගැටළුව තියෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ඔවුන් නිදහස් කරන්නේ නැති එක. එහෙම නැත්නම් රෝහල්වල නිළධාරීන් අවශ්‍ය නිර්දේශ ලබාදෙන්නේ නෑ. ලංකාවේ හෙදියන් විදේශ රටවල රෝහල්වල සේවයට ගියාම තාක්ෂණික දැනුම අරගෙන තමයි ආපහු එන්නේ. ඒ ආයෝජනය යන්නේ ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට. ඒ රටවල හෙද ක්ෂේත්‍රය ගොඩක් දියුණුයි.

මේ විදිහට වෘත්තිය ක්ෂේත්‍රවලට විදේශ ගතවීම මගින් ඔබ අද මේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න දායක වෙනවා. ඔබ රට රැකියාවෙන් උපයන මුදල් නීත්‍යානුකූල විදිහට ලංකාවට එවන්න. එකෙන් තවත් කෙනෙක්ට බෙහෙත් ටික ගන්න, ඉන්ධන ටික ගන්න, දිගටම විදුලි බලය ලබාදෙන්න හැකියාව ලැබෙනවා.

පහුගිය කාලයේ එක එක දේශපාලන පක්ෂ විදේශ ගත ශ්‍රමිකයින්ට ලංකාවට මුදල් එවන්න එපා කිව්වා. කවුරු කොහොම කිව්වත් ඒ අය ලංකාවට මුදල් එව්වා. පහුගිය වසරේ මැයි මාසයෙයි මේ වසරේ මැයි මාසයයි ගත්තම ලොකු වෙනසක්. ඒ වෙද්දි ලංකාවේ භාණ්ඩාගාරෙම තිබුණේ ඩොලර් මිලියන 200ක මුදලක්. නමුත් අද මාසෙකට විදේශ ගත ශ්‍රමිකයින් ඩොලර් මිලියන 586ක් එවනවා. අප්‍රේල් මාසේ තවත් වැඩිවෙයි.

අද අංක එකේ ආදායම වෙන්නේ විදේශ ගත ශ්‍රමිකයින් දිවයිනට එවන ප්‍රේෂණ. අද රටට ලොකු හයියක් වෙලා තියෙන්නේ ඒ අයගේ ආදායම. අපි හැමෝම ඒ අයට ගෞරව කරන්න ඕනි. අපිට ඉදිරියටත් මේ වගේ දායකත්වය ලබාදුන්නොත් තවත් ඉදිරියට මේ රට ගෙනියන්න පුළුවන්.

සිංගප්පූරු හෙද රැකියා ලබාගන්න අපිට තානාපති කාර්යාලයේ නිලධාරි නිපුණ තිබ්බොටුමුනුව මහතා ලොකු සහයෝගයක් ලබාදුන්නා. පුළුවන් තරම් ජාත්‍යන්තර භාෂා ඉගෙනගන්න. අපි රස්සාවල් හොයලා දෙන්නම්.

2048 මේ රට වෙනස් කරන්න අපි කැප වෙන්න ඕනි. කවුරු කැමති අකමැති වුණත් අපි අවශ්‍ය වෙලාවට හොඳම තීරණ අරගන්නවා. ”

Recent Posts

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

2 days ago

Gen Z නැගිටීමේ සිට ඩිජිටල් බලය දක්වා — රංග කලංසූරියගේ ‘The Youthquake’ එළිදකී

ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…

2 days ago

ලංගමට තවත් බස් 800ක් – මෙට්‍රෝ බස් 50කුත් එකතු වෙයි

සුභා­ෂිණී සේනා­නා­යක, නිමල් රාජ­පක්ෂ පොදු ප්‍රවා­හන සේවාවේ ප්‍රධාන භූමි­කා­වක් ඉටු­ ක­රන ලංගම තව­දු­ර­ටත් ශක්ති­මත් කිරී­මට…

2 days ago

පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් අපේ පූර්ණ සහයෝගය!- විපක්ෂ නායක

පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…

2 days ago

දේශගුණික විපර්යාස සහ ප්‍රධාන සෞඛ්‍ය අභියෝග 04 ක් ජය ගැනීමට කලාපීය සහයෝගීතාවයේ අවශ්‍යතාව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…

2 days ago

SAWM-SL ඩිජිටල් සමානාත්මතා AI පුහුණු වැඩමුළු සඳහා අයදුම්පත් දැන් විවෘතයි

COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…

5 days ago