Tuesday, July 28, 2026
Homeදේශීයකොළඹට විශේෂ ආරක්ෂාවක් යොදවයි

කොළඹට විශේෂ ආරක්ෂාවක් යොදවයි

කොළඹට නගරය අවට විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවා ඇති බව වාර්තා වෙනවා.

කොළඹ විශ්වවිද්‍යාලය, ලංකා බැංකු මාවත ඇතුලු කොළඹ නගරයේ ප්‍රධාන ස්ථාන රැසකට ඊයේ (12) රාත්‍රියේ සිට මෙලෙස විශේෂ ආරක්ෂාවක් යොදවා ඇත.

සමස්ත දිවයිනම ආවරණය වන පරිදි අපරාධ වැලක්වීමේ මෙහෙයුමක් පොලිසිය විසින් ආරම්භ කර තීබීම මීට හේතුවයි.

අපරාධ විමර්ශන කටයුතු කඩිනමි කිරීමේ අරමුණින් එහි මූලික පියවරක් ලෙස මෙලෙස ආරක්ෂාව තරකර ඇත.

2023.05.12 සිට 2023.05.15 දක්වා මෙම විශේෂ අපාරධ මෙහෙයුම ක්‍රියාත්මකයි.

ඒ අනුව,

සියලු ප්‍රධාන මාර්ග ආවරණය වන පරිදි උපරිම පොලිස් නිලධාරීන් සංඛ්‍යාවක් රාජකාරියේ යෙදවීම.

දිවා රාත්‍රී අඛන්ඩ මාර්ග බාධක ස්ථාපිත කර සෝදිසි කටයුතු සිදුකිරීම.

මාර්ගවල ගමන් ගන්නා සැම වර්ගයකම වාහන ඇතුළත් වන පරිදි අහඹුලෙස සම්පූර්ණයෙන්ම වාහන පරික්ෂා කිරීම.

අපරාධ බහුල ස්ථානවල පොලිස් මුර සංචාර යෙදීම.

පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ විසින් සිදුකරණු ලබයි.

පොලිස්පති නිල කාර්යාලය විසින් මේ බව ඊයේ (12) දිනැතිව නිවේදනය කර සිටියා.

READ:   Passport එක දවස් 3න් අද සිට ගෙදරට ගෙන්න ගන්න විදහ මෙන්න..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්