Monday, April 20, 2026
Homeදේශීයජාතික රණවිරු සැමරුම් උත්සවය මෙවර අභිමානවත්ව

ජාතික රණවිරු සැමරුම් උත්සවය මෙවර අභිමානවත්ව

ශ්‍රී ලංකාවේ පැවති තිස් වසරක යුද්ධයේ දී දිවි පිදූ රණවිරුවන්ට ජාතියේ කෘතගුණ සැලකීමේ ජාතික රණවිරු සැමරුම් උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙවර අභිමානවත්ව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

ඒ පිළිබඳ මූලික සාකච්ඡාවක් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායකගේ ප්‍රධානත්වයෙන් අද (08) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත් වූ බව ජනාධිපති මාධ්‍ය අංශය වාර්තා කරනවා.

ආරක්ෂක අමාත්‍යාංශයේ සහ යුද හමුදා මූලස්ථානයේ සම්බන්ධීකරණයෙන් රණවිරු සේවා අධිකාරිය විසින් සංවිධාන කරන රණවිරු සැමරුම් උත්සවය මැයි 19 වනදා බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියස දී පැවැත්වීමට නියමිතයි.

හිටපු ජනාධිපතිවරුන්, අගමැතිවරුන් හා කථානායකවරයා ඇතුළු මැති ඇමතිවරුන් මෙන්ම ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු ත්‍රිවිධ හමුදාපතිවරු, පොලිස්පති ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් පැවත්වෙන මෙම රණවිරු සැමරුම් උළෙලට යුද්ධයේදී තුවාල ලැබූ රණවිරුවන්, දිවිපිදු රණවිරුවන්ගේ පවුල්වල ඥාතීන් සහ පාසැල් ශිෂ්‍යභට කණ්ඩායම් ද සහභාගී කරවා ගනු ලැබේ.

අභිමානවත් රණවිරු සැමරුම් උළෙලක් මෙවර සංවිධානය කර තිබෙන බවත්, රටේ ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාව සුරක්ෂිත කිරීමට සිය ජීවිත පරිත්‍යාග කළ යුධ, ගුවන් හා නාවික හමුදාවන්හි, පොලිසියේ සහ සිවිල් ආරක්‍ෂක බලකායේ විරෝදාර රණවිරුවන්ගේ සදාතනික මතකයන් හා වීරත්වය ඇගයීම සඳහා විශේෂ රණබෙර වාදනයක් සහ පුෂ්පෝපහාර දැක්වීම මෙහිදී සිදු කෙරෙන බවත් අරක්ෂක ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා පැවසුවා.

file
file
file
file
READ:   "ඉදිරි වසර 10 තුළ අධ්‍යාපන ක්ෂේත්‍රය නවීකරණය කර දැනුමින් සන්නද්ධ තරුණ පරපුරක් බිහිකරනවා" - ජනපති
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්