Sunday, June 14, 2026
Homeදේශීයවසංගත රෝග ව්‍යාප්තිය ඉහළට..

වසංගත රෝග ව්‍යාප්තිය ඉහළට..

වර්ෂාවත් සමග වසංගත රෝග ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.

ඉන්ෆ්ලුවෙන්සා, ඩෙංගු, පාචනය හා මී උණ ඒ අතර ප්‍රධාන බව සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.

ඉන්ෆ්ලුවෙන්සා තත්ත්වය පාලනයට නිවසේදී පවා මුව ආවරණයක් පැළඳීම ඉතාම වැදගත් වෛද්‍යවරු අවධාරණය කරයි.

පාචන රෝගයන් අරක්ෂා වීම සඳහා ආහාරපාන ගැනීමේදී සැලකිලිමත් වන්නැයි සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම් දෙනවා.

මේ අතර මී උණ රෝගීන් වාර්තා වීම ද ඉහළ මට්ටමක පවතින බව සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.

වසරේ මේ දක්වා කාලය තුළ මී උණ රෝගීන් 2600 ක් පමණ වාර්තා වී තිබෙන බව සෞඛ්‍ය අංශ පවසනවා.

READ:   සියලු පාසල් හෙට සිට නිවාඩු
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්