වෙසක් පුන් පොහෝ දිනය අදට (05) යෙදී තිබෙනවා.
බෝසතාණන් වහන්සේගේ ඉපදීමත් , සම්මා සම්බුද්ධත්වයට පත්වීම හා බුදු රජාණන් වහන්සේගේ පිරිනිවන් පෑම යන උතුම් තෙමඟුල සිදුවූයේ අද වැනි වෙසක් පුන් පොහෝ දිනකයි.
බුදුන් වහන්සේ බුද්ධත්වයෙන් අටවන වර්ෂයේ මණිඅක්ඛිත නා රජුගේ ආරාධනයෙන් කැලණියට වැඩම කරවීම සිදුවූයේ අද වැනි පොහෝ දිනක දී ය.
කැලණියට වැඩම කළ බුදුරජාණන් වහන්සේ ඉන් පසුව සුමන සමන් දෙවියන්ගේ ආරාධනයකට අනුව සමනළ කඳුමුදුනට වැඩම කොට සිරිපා සටහන පිහිටුවීම සිදුවූ අතර සිරිපා වන්දනා කිරීම සඳහා ඇරඹුණු සිරිපා වන්දනා සමය නිමවන්නේද වෙසක් පුර පසළොස්වක පොහෝ දිනයේ දී වීම විශේෂත්වයකි.
විජය රජුගේ ලංකා ගමනය , දුටු ගැමුණු රජතුමන් විසින් රුවන්වැලිමහාසෑය ඉදිකිරීමේ කටයුතු ආරම්භ කිරීම වැනි ඓතිහාසික වශයෙන් ඉතා වැදගත් කාරණා රැසක් වෙසක් පොහෝ දිනයේ දී සිදුව ඇත.
පොහෝ දිනයන් අතරින් වඩාත් සුවිශේෂී පොහෝ දිනයක් වන වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය අමිස ප්‍රතිපත්ති පූජාවලට මූලිකත්වය දෙමින් ලොව පුරා බෞද්ධ ජනතාව මහත් හරසරින් සමරණු ලබයි.
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…