වෙසක් පුන් පොහෝ දිනය අදට (05) යෙදී තිබෙනවා.
බෝසතාණන් වහන්සේගේ ඉපදීමත් , සම්මා සම්බුද්ධත්වයට පත්වීම හා බුදු රජාණන් වහන්සේගේ පිරිනිවන් පෑම යන උතුම් තෙමඟුල සිදුවූයේ අද වැනි වෙසක් පුන් පොහෝ දිනකයි.
බුදුන් වහන්සේ බුද්ධත්වයෙන් අටවන වර්ෂයේ මණිඅක්ඛිත නා රජුගේ ආරාධනයෙන් කැලණියට වැඩම කරවීම සිදුවූයේ අද වැනි පොහෝ දිනක දී ය.
කැලණියට වැඩම කළ බුදුරජාණන් වහන්සේ ඉන් පසුව සුමන සමන් දෙවියන්ගේ ආරාධනයකට අනුව සමනළ කඳුමුදුනට වැඩම කොට සිරිපා සටහන පිහිටුවීම සිදුවූ අතර සිරිපා වන්දනා කිරීම සඳහා ඇරඹුණු සිරිපා වන්දනා සමය නිමවන්නේද වෙසක් පුර පසළොස්වක පොහෝ දිනයේ දී වීම විශේෂත්වයකි.
විජය රජුගේ ලංකා ගමනය , දුටු ගැමුණු රජතුමන් විසින් රුවන්වැලිමහාසෑය ඉදිකිරීමේ කටයුතු ආරම්භ කිරීම වැනි ඓතිහාසික වශයෙන් ඉතා වැදගත් කාරණා රැසක් වෙසක් පොහෝ දිනයේ දී සිදුව ඇත.
පොහෝ දිනයන් අතරින් වඩාත් සුවිශේෂී පොහෝ දිනයක් වන වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය අමිස ප්‍රතිපත්ති පූජාවලට මූලිකත්වය දෙමින් ලොව පුරා බෞද්ධ ජනතාව මහත් හරසරින් සමරණු ලබයි.
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…