Sunday, September 6, 2026
Homeදේශීයඉන්දීය ගුවන් හමුදා ප්‍රධානියා දිවයිනට..

ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානියා දිවයිනට..

ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානී එයාර් චීෆ් මාෂල් විවේක් රාම් චෞද්‍ර නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණියා.

ඔහු ඊයේ(01) මෙරටට පැමිණියේ, සිව්දින නිල සංචාරයක් සඳහායි.

ඉන්දියාවේ චෙන්නායි සිට, කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණි පිරිස පිළිගත්තේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් උදේනි රාජපක්ෂ සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ උසස් නිලධාරීන් පිරිසක් විසින්.

කලාපීය ගුවන් හමුදා අතර සහයෝගීතාව වර්ධනය කර ගැනීම, ඒකාබද්ධ පුහුණුවීම්, තාක්ෂණික දැනුම හුවමාරු කර ගැනීම සහ සමුද්‍රීය ආවේක්ෂණ මෙහෙයුම් පුළුල් කර ගැනීම, මෙම ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානියාගේ සංචාරයේ අරමුණු බව වාර්තා වනවා.

READ:   ඉන්දියාවේ විදුලි ට්‍රාන්ස්ෆෝමරයක් පුපුරයි: පුද්ගලයින් 15ක් ජීවිතක්ෂයට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්