Thursday, June 4, 2026
Homeදේශීයබස් ගාස්තුව ගැන තීරණයක්

බස් ගාස්තුව ගැන තීරණයක්

ඩීසල් මිල පහත දැමුවද බස් ගාස්තුවේ කිසිදු වෙනසක් සිදුනොකරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසනවා.

අද (01 ) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ බව පැවසුවා.

ඩීසල් මිල රු.15 කින් අඩු කර ඇති බැවින් එවැනි සුළු මුදලක ප්‍රතිලාභය ජනතාවට ලබා දීමට ප්‍රයෝගික හැකියාවක් නොමැති බව ඔහු පෙන්වා දෙනවා.

රුපියලක්, දෙකක් අඩු කිරීම තුළ එම වාසිය ප්‍රායෝගිකව ජනතාවට මෙන්ම බස් හිමියන්ට ද නොලැබෙන බව ඔහු පවසනවා.

පසුගිය කාලය පුරාවට අමාත්‍ය ධූරය දැරුවත් ප්‍රවාහන සේවයේ කිසිදු ගුණාත්මක වෙනසක් සිදුකිරීමට ප්‍රවාහන අමාත්‍යවරයා සමත් ව නොමැති බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

READ:   අද පෞද්ගලික බස් රථ 50% ක් ධාවනයට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්