Categories: දේශීය

හෙට මැයි රැළියට යනවද? එහෙනම් මෙන්න තැන් ටික..

හෙටට(01) යෙදී ඇති 137 වැනි ලෝක කම්කරු දිනය වෙනුවෙන් මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂ සංවිධානය කරන මැයි රැළි, කොළඹ සහ මහනුවර නගර කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මැයි රැළිය හෙට(01) පස්වරුවේ බොරැල්ල කැම්බල් පිටියේදී පැවැත්වීමට නියමිත බව, පක්ෂ ප්‍රධාන ලේකම් නීතීඥ සාගර කාරියවසම් සඳහන් කළා.

‘අභියෝග බිඳ අභිලාශ ජය ගනිමු’ යන තේමාව යටතේ මෙවර ශ්‍රී ලංකාවේ විශාලම මැයි දින සැමරුම පැවැත්වීමට බලාපොරොත්තුවන බව නීතීඥ සාගර කාරියවසම් පවසනවා.

එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රැළිය කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන බව පක්ෂ මහ ලේකම්, පාලිත රංගේ බණ්ඩාර සඳහන් කළා.

ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි නාස්තිකර වියදම්වලින් තොරව ‘ජය ගමු’ යන තේමාව යටතේ මෙවර එක්සත් ජාතික පක්ෂය මැයි දිනය සැමරීමට බලාපොරොත්තු වන බව පාලිත රංගේ බණ්ඩාර පැවසුවා.

‘වැඩ කරන ජනතාවගේ අරගලය’ යන තේමාව යටතේ සමගි ජන බලවේගයේ මැයි දින රැළිය කොළඹ ඒ.ඊ. ගුණසිංහ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සූදානම් කර තිබෙනවා.

ඊට අදාළ මැයි දින පෙළපාලිය, මාළිගාවත්ත පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගණයේදී හෙට(01) පස්වරු 1.00ට ආරම්භ වන බව සමගි ජන බලවේගය නිවේදනය කරයි.

නිදහස් ජනතා සභාව සංවිධානය කරන මැයි දින රැළිය හෙට(01) මහනුවරදී පැවැත්වෙන බව පාර්ලිමෙන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පවසනවා.

හෙට(01) පස්වරු 2.00ට මහනුවර සහස් උයනේදී ‘නිදහස රටට මැයි’ යන තේමාව යටතේ නිදහස් ජනතා සභාවේ කුළුඳුල් මැයි රැළිය පැවැත් වීමට සූදානම් බව ඩලස් අලහප්පෙරුම සඳහන් කළා.

හෙට(01) සවස 3‌.00ට කොළඹ හයිඩ් පාර්ක් පිටියේදී උත්තර ලංකා සභාගයේ මැයි රැළිය පැවැත්වීමට සියලු කටයුතු සූදානම් බව එහි සභපති විමල් වීරවංශ පවසනවා.

උත්තර ලංකා සභාගය නියෝජන කරන සියලු පක්ෂවල නායකයින් එහිදී ජනතාව අමතන බව විමල් වීරවංශ අවධාරණය කරයි.

කොළඹ විහාර මහා දේවි උද්‍යානය අසල ජනතා විමුක්ති පෙරමුණේ මැයි දින රැළිය පැවැත්වෙනවා.

හෙට(01) සවස 3.00ට කොළඹ බී.ආර්.සී. පිටියෙන් ආරම්භ කරන මැයි දින පෙළපාලිය , විහාර මහා දේවි උද්‍යානය වෙත පැමිණීමට නියමිත බව විජිත හේරත් සඳහන් කළා.

‘රට විකුණන ජන පීඩක දූෂීත පාලනය පරදවමු, ජනතාවාදී පාලනයක් ගොඩ නගමු’ යන්න මෙවර ජනතා විමුක්ති පෙරමුණේ මැයි දින තේමාවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි දින රැළිය උත්කර්ශවත් අයුරින් හෙට(01) මහනුවරදී පැවැත්වෙන බව එහි ප්‍රචාරක ලේකම් තිසර ගුණසිංහ පැවසුවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෙවර මැයි දින තේමාව වී ඇත්තේ, ‘සවිමත් වෙමු, එක් වෙමු’ යන්නයි.

පෙරටුගාමි සමාජවාදි පක්ෂයේ මැයි දින රැළිය, නුගේගොඩදි පැවැත්වෙන බව පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ සඳහන් කළා.

‘IMF උගුලට අමෙරිකානු ඉන්දියානුකරණය⁣ට එරෙහිව වැඩකරන ජනතා බලයක්’ යන්න මෙවර පෙරටුගාමි සමාජවාදි පක්ෂයේ මැයි දින තේමාවයි.

සිය මැයි දින පෙළපාලිය හෙට(01) දහවල් 1.00ට දෙල්කඳ මංසන්දියෙන් ආරම්භ කරන බවත්, මැයි දින රැළිය නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංගපීඨයේදී ආරම්භ කරන බවත් පුබුදු ජයගොඩ ප්‍රකාශ කළා.

මේ අතර හෙට(01) කොළඹ සහ මහනුවර ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතීඥ නිහාල් තල්දූව පවසනවා.

Recent Posts

Protest in Los Angeles Demands Justice for Sri Lankan Garment Worker Pushpalatha

Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…

2 days ago

ලොස් ඇන්ජලීස්හිදී ශ්‍රී ලාංකික ඇඟලුම් සේවිකාවකට යුක්තිය ඉල්ලා විරෝධතාවක්

Victoria’s Secret විලාසිතා දැක්ම අතරතුර පුෂ්පලතාගේ මරණය ගැන අවධානය යොමු කරයි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර…

2 days ago

දිවයින පුරා බිඳ වැටුණු විදුලිය යථා තත්ත්වයට

දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…

6 days ago

වේදනාව, පසුතැවීම ඉතිරි කර මහ ඇතාත් යන්න ගිහින්

මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…

6 days ago