Categories: දේශීය

හෙට මැයි රැළියට යනවද? එහෙනම් මෙන්න තැන් ටික..

හෙටට(01) යෙදී ඇති 137 වැනි ලෝක කම්කරු දිනය වෙනුවෙන් මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂ සංවිධානය කරන මැයි රැළි, කොළඹ සහ මහනුවර නගර කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මැයි රැළිය හෙට(01) පස්වරුවේ බොරැල්ල කැම්බල් පිටියේදී පැවැත්වීමට නියමිත බව, පක්ෂ ප්‍රධාන ලේකම් නීතීඥ සාගර කාරියවසම් සඳහන් කළා.

‘අභියෝග බිඳ අභිලාශ ජය ගනිමු’ යන තේමාව යටතේ මෙවර ශ්‍රී ලංකාවේ විශාලම මැයි දින සැමරුම පැවැත්වීමට බලාපොරොත්තුවන බව නීතීඥ සාගර කාරියවසම් පවසනවා.

එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රැළිය කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන බව පක්ෂ මහ ලේකම්, පාලිත රංගේ බණ්ඩාර සඳහන් කළා.

ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි නාස්තිකර වියදම්වලින් තොරව ‘ජය ගමු’ යන තේමාව යටතේ මෙවර එක්සත් ජාතික පක්ෂය මැයි දිනය සැමරීමට බලාපොරොත්තු වන බව පාලිත රංගේ බණ්ඩාර පැවසුවා.

‘වැඩ කරන ජනතාවගේ අරගලය’ යන තේමාව යටතේ සමගි ජන බලවේගයේ මැයි දින රැළිය කොළඹ ඒ.ඊ. ගුණසිංහ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සූදානම් කර තිබෙනවා.

ඊට අදාළ මැයි දින පෙළපාලිය, මාළිගාවත්ත පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගණයේදී හෙට(01) පස්වරු 1.00ට ආරම්භ වන බව සමගි ජන බලවේගය නිවේදනය කරයි.

නිදහස් ජනතා සභාව සංවිධානය කරන මැයි දින රැළිය හෙට(01) මහනුවරදී පැවැත්වෙන බව පාර්ලිමෙන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පවසනවා.

හෙට(01) පස්වරු 2.00ට මහනුවර සහස් උයනේදී ‘නිදහස රටට මැයි’ යන තේමාව යටතේ නිදහස් ජනතා සභාවේ කුළුඳුල් මැයි රැළිය පැවැත් වීමට සූදානම් බව ඩලස් අලහප්පෙරුම සඳහන් කළා.

හෙට(01) සවස 3‌.00ට කොළඹ හයිඩ් පාර්ක් පිටියේදී උත්තර ලංකා සභාගයේ මැයි රැළිය පැවැත්වීමට සියලු කටයුතු සූදානම් බව එහි සභපති විමල් වීරවංශ පවසනවා.

උත්තර ලංකා සභාගය නියෝජන කරන සියලු පක්ෂවල නායකයින් එහිදී ජනතාව අමතන බව විමල් වීරවංශ අවධාරණය කරයි.

කොළඹ විහාර මහා දේවි උද්‍යානය අසල ජනතා විමුක්ති පෙරමුණේ මැයි දින රැළිය පැවැත්වෙනවා.

හෙට(01) සවස 3.00ට කොළඹ බී.ආර්.සී. පිටියෙන් ආරම්භ කරන මැයි දින පෙළපාලිය , විහාර මහා දේවි උද්‍යානය වෙත පැමිණීමට නියමිත බව විජිත හේරත් සඳහන් කළා.

‘රට විකුණන ජන පීඩක දූෂීත පාලනය පරදවමු, ජනතාවාදී පාලනයක් ගොඩ නගමු’ යන්න මෙවර ජනතා විමුක්ති පෙරමුණේ මැයි දින තේමාවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි දින රැළිය උත්කර්ශවත් අයුරින් හෙට(01) මහනුවරදී පැවැත්වෙන බව එහි ප්‍රචාරක ලේකම් තිසර ගුණසිංහ පැවසුවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෙවර මැයි දින තේමාව වී ඇත්තේ, ‘සවිමත් වෙමු, එක් වෙමු’ යන්නයි.

පෙරටුගාමි සමාජවාදි පක්ෂයේ මැයි දින රැළිය, නුගේගොඩදි පැවැත්වෙන බව පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ සඳහන් කළා.

‘IMF උගුලට අමෙරිකානු ඉන්දියානුකරණය⁣ට එරෙහිව වැඩකරන ජනතා බලයක්’ යන්න මෙවර පෙරටුගාමි සමාජවාදි පක්ෂයේ මැයි දින තේමාවයි.

සිය මැයි දින පෙළපාලිය හෙට(01) දහවල් 1.00ට දෙල්කඳ මංසන්දියෙන් ආරම්භ කරන බවත්, මැයි දින රැළිය නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංගපීඨයේදී ආරම්භ කරන බවත් පුබුදු ජයගොඩ ප්‍රකාශ කළා.

මේ අතර හෙට(01) කොළඹ සහ මහනුවර ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතීඥ නිහාල් තල්දූව පවසනවා.

Recent Posts

ලංගමට තවත් බස් 800ක් – මෙට්‍රෝ බස් 50කුත් එකතු වෙයි

සුභා­ෂිණී සේනා­නා­යක, නිමල් රාජ­පක්ෂ පොදු ප්‍රවා­හන සේවාවේ ප්‍රධාන භූමි­කා­වක් ඉටු­ ක­රන ලංගම තව­දු­ර­ටත් ශක්ති­මත් කිරී­මට…

57 mins ago

පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් අපේ පූර්ණ සහයෝගය!- විපක්ෂ නායක

පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…

1 hour ago

දේශගුණික විපර්යාස සහ ප්‍රධාන සෞඛ්‍ය අභියෝග 04 ක් ජය ගැනීමට කලාපීය සහයෝගීතාවයේ අවශ්‍යතාව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…

1 hour ago

SAWM-SL ඩිජිටල් සමානාත්මතා AI පුහුණු වැඩමුළු සඳහා අයදුම්පත් දැන් විවෘතයි

COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…

3 days ago

LTTE සංවිධානය විසින් ඝාතනය කළ යාපනය සරසවියේ ආචාර්ය රාජිනී තිරාණගමගේ දියණිය — අද Stanford සරසවියේ ප්‍රකට මානව විද්‍යාඥවරියක්

Sharika Thiranagama යනු යුද්ධය, අවතැන්වීම, මතකය, අනන්‍යතාව සහ “නිවස” පිළිබඳ මිනිස් අත්දැකීම් අධ්‍යයනය කරන ප්‍රකට…

4 days ago

නව චීන තානාපති සහ ජවිපෙ ප්‍රධාන ලේකම් අතර හමුවක්

ශ්‍රී ලංකාවට අභිනවයෙන් පත්වූ චීන තානාපති වෙයි හුආෂියැන්ග් (Wei Huaxiang) මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ…

5 days ago