අලුත් අවුරුද්දට බුලත් රැගෙන දේශපාලනඥයින්ගේ නිවෙස්වලට යන පොලිස්පතිට
දේශපාලන අධිකාරියට විරුද්ධව කටයුතු කිරීමට හයියක් නොමැති බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් පවසනවා.
“දේශපාලන අධිකාරිය කිව්වොත් අහවල් නියෝජ්‍ය පොලිස්පතිවරයාව මාරු කරන්න කියලා එහෙයි කියලා මාරු කරනවා”
ඔහු මේ බව පැවසුවේ “ත්‍රස්ත විරෝධී පනත ජනතා විරෝධී වන්නේ ඇයි?” යන්න තේමා කර ගනිමින් පැවති සම්මන්ත්‍රණයකදීය.
මෙවැනි පසුබිමක් තුළ ප්‍රතිත්‍රස්ත පනතේ ප්‍රතිපාදනවල තිබෙන භයානකමකම ගැන අප කල්පනා කළ යුතු බව ජනාධිපති නීතිඥ සාලිය පීරිස් අවධාරණය කරයි.
ජනාධිපති නීතිඥ සාලිය පීරිස් පවසන්නේ, මේ රටේ සිටින නියෝජ්‍ය පොලිස්පතිවරුන් 50 දෙනා සඳහා සැකකරුවන්ව අවුරුද්දක් දක්වා රැඳවුම් නියෝග නිකුත් කිරීමට බලය ලබා දුන්නහොත් එය බරපතල තත්ත්වයක් බවයි.
එබැවින් මෙම ප්‍රති ත්‍රස්ත පනත් කෙටුම්පත අහෝසි කර සියලු පාර්ශ්වයන්ගේ යෝජනා සහිත නව කෙටුම්පතක් ගෙන ආ යුතු බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් වැඩිදුරටත් අවධාරණය කළා.
ලෝක ශූරයකු වී රටට පැමිණි රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණ ගුවන් ගමනේදී හානිවීමත් සමඟ තුර්කි එයාර්ලයින්ස්…
Sri Lankan javelin star Rumesh Tharanga Pathirage has returned home from one of the biggest…
2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…
https://youtu.be/tZAcApYK_NM https://youtu.be/tZAcApYK_NM
උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…
හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…