පෞද්ගලික ආරවුලක් නිසා පහරකෑමට ලක්ව අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තරුණයෙකුට නාදුනන පිරිසක් විසින් පහරදී ඝාතනය කර තිබෙනවා.
මෙම ඝාතනය අද (28) උදෑසන පහට පමණ සිදුව තිබේ.
තියුණු ආයුධයකින් ගෙල ප්‍රදේශයට හා පාදයකට පහරදී මෙලෙස ඝාතනය කර ඇත්තේ රෝහලේ 66 වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි 24 හැවිරිදි තරුයෙකි.
මියගිය තරුණයා, පුද්ගලයන් කිහිප දෙනෙකුගෙන් පහරකෑමට ලක්ව ඊයේ (27) සවස ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් වී තිබේ.
ඔහු මැදවච්චිය , මන්නාරම් හන්දිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන බව පොලීසිය පැවසුවා.
පහරකෑමෙන් පසුව රෝගියාව වෛද්‍යවරුන් විසින් දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කලද ඒ වන විටත් ඔහු මියගොස් සිට ඇති බව පොලීසිය පැවසුවා.
ඝාතනය සම්බන්ධයෙන් වැඩිදුර පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.
බස්නාහිර, සබරගමුව, මධ්යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්රික්කවල පස්වරු 1.00…
ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර පවතින දිගුකාලීන මිත්රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ දෙරට අතර ආර්ථික…
අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්ය පාලනයක්…
මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…