පෞද්ගලික ආරවුලක් නිසා පහරකෑමට ලක්ව අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තරුණයෙකුට නාදුනන පිරිසක් විසින් පහරදී ඝාතනය කර තිබෙනවා.
මෙම ඝාතනය අද (28) උදෑසන පහට පමණ සිදුව තිබේ.
තියුණු ආයුධයකින් ගෙල ප්‍රදේශයට හා පාදයකට පහරදී මෙලෙස ඝාතනය කර ඇත්තේ රෝහලේ 66 වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි 24 හැවිරිදි තරුයෙකි.
මියගිය තරුණයා, පුද්ගලයන් කිහිප දෙනෙකුගෙන් පහරකෑමට ලක්ව ඊයේ (27) සවස ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් වී තිබේ.
ඔහු මැදවච්චිය , මන්නාරම් හන්දිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන බව පොලීසිය පැවසුවා.
පහරකෑමෙන් පසුව රෝගියාව වෛද්‍යවරුන් විසින් දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කලද ඒ වන විටත් ඔහු මියගොස් සිට ඇති බව පොලීසිය පැවසුවා.
ඝාතනය සම්බන්ධයෙන් වැඩිදුර පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…