Saturday, July 25, 2026
Homeක්‍රීඩාමහ රස්⁣නය මැද අයර්ලන්තයෙන් ශ්‍රී ලංකාවට ඇග සීතලවන අභියෝගයක්

මහ රස්⁣නය මැද අයර්ලන්තයෙන් ශ්‍රී ලංකාවට ඇග සීතලවන අභියෝගයක්

සංචාරක අයර්ලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ පළමු ඉනිම ක්‍රීඩා කළ අයර්ලන්ත කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර ඉනිම අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 492 ක් රැස් කළා.

අයර්ලන්ත කණ්ඩායම වෙනුවෙන් පෝල් ස්ටර්ලින් ලකුණු 103 රැස් කරමින් අද සිය මංගල ටෙස්ට් ශතකය වාර්තා කළා. ඒ හයේ පහර 4 ක් සහ හතරේ පහර 9 ක් ද සමඟයි.

අයර්ලන්තය වෙනුවෙන් කර්ටිස් කැම්පර් ද ශතකයක් වාර්තා කළ අතර ඊට හයේ පහර 2 ක් සහ හතරේ පහර 15 ක් ඇතුළත් වුණා.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ප්‍රභත් ජයසූරිය කඩුලු 5 ක් සහ විශ්ව ප්‍රනාන්දු සහ අසිත ප්‍රනාන්දු කඩුලු 02 බැගින් දවාගත්තා.

READ:   ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනපතිට සියලු වරප්‍රසාද ලබාදෙනවා - ජනපති ලේකම්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්