Wednesday, March 25, 2026
Homeදේශීයඉන්දියානු රුපියල මෙරටට එන ඉන්දියානු සංචාරකයින්ටත් භාවිතයට අවසර - මහ බැංකු අධිපති

ඉන්දියානු රුපියල මෙරටට එන ඉන්දියානු සංචාරකයින්ටත් භාවිතයට අවසර – මහ බැංකු අධිපති

මෙරටට පැමිණෙන ඉන්දියානු සංචාරකයින්ටත් ඉන්දියානු රුපියල භාවිත කිරීමට පුළුවන් බව, ශ්‍රී ලංකා මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ පවසනවා.

ඉන්දියානු වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය විසින් සංවිධානය කරන ලද සම්මන්ත්‍රණයක ප්‍රධාන දේශනය පවත්වමින් ඔහු මේ බව සඳහන් කළා.

මෙම අවස්ථාවට ඉන්දීය මහ කොමසාරිස්වරයා ද එක්ව සිටියා.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉන්දියානු රුපියල නම් කරන ලද මුදල් ඒකකයක් බවට පත් කිරීමෙන් දෙරට අතර වෙළෙඳ බේරුම්කරණය පමණක් නොව ශ්‍රී ලංකාවට පැමිණෙන ඉන්දීය සංචාරකයින්ට ද එම මුදල් ඒකකය භාවිත කළ හැකි වන බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ එහිදී වැඩිදුරටත් අවධාරණය කළා.

READ:   අභිනව ජනාධිපතිවරයා ධූරයේ දිව්රුම් දෙයි
Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්