Sunday, June 28, 2026
Homeදේශීයදප්පුල ද ලිවේරා අත්අඩංගුවට ගැනීම වළක්වමින් අතුරු තහනම් නියෝගයක්

දප්පුල ද ලිවේරා අත්අඩංගුවට ගැනීම වළක්වමින් අතුරු තහනම් නියෝගයක්

හිටපු නීතිපති දප්පුල ද ලිවේරා අත්අඩංගුවට ගැනීම හෝ ප්‍රකාශ සටහන් කර ගැනීම වළක්වමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදාළව ඔහු නීතිපති ලෙස කටයුතු කළ සමයේ, සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය අවස්ථා 3කදී පැමිණෙන්නැයි දප්පුල ද ලිවේරා⁣ට දැනුම් දී තිබුණා.

ඊට එරෙහිව හිටපු නීතිපති දප්පුල ද ලිවේරා අභායාචනාධිකරණයට ගොනු කළ රීට් පෙත්සම සලකා බැලූ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කර ඇත.

හිටපු නීතිපතිවරයා වෙනුවෙන් ජනාධිපති නීතීඥ රොමේෂ්ද සිල්වා සමග ශානක කුරේ සහ දිමිත්‍ර අබේසේකර පෙනී සිටියා.

READ:   විදේශ රැකියා ක්ෂේත්‍රය ඩිජිටල්කරණයට කැබිනට් අනුමැතිය
Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්