පාසල් වාර ප්‍රවේශ පත්‍ර භාවිත කර ලංගම බස් රථවල ගමන් ගන්නා පාසල් දරුවන් රැවුල වැවීම, කොණ්ඩය ඩයි කිරීම ආදි විලාසිතාවන් නොකළ යුතු අතර එවැනි විලාසිතා සහිතව බස් රථවල ගමන් ගන්නා ළමුන්ගේ පාසල් වාර ප්‍රවේශ පත්‍ර අත්අඩංගුවට ගැනීමට කොන්දොස්තරවරයාට අයිතිය ලැබෙන බව නිවේදනයක් නිකුත් කරමින් දඹුල්ල ඩිපෝ කළමනාකාරවරයා පවසනවා.
එම විලාසිතා කරන පාසල් දරුවන් ප්‍රවේශ පත්‍ර මිලදී ගත යුතු බව ද ඔහු අවධාරණය කරයි.
එලෙස ප්‍රවේශ පත්‍රයක් ද නොගෙන ගමන් කරන පාසල් දරුවන් ලංගම ප්‍රවේශ පත්‍ර ජංගම පරීක්ෂණ කණ්ඩායම්වලට හසු වුවහොත් දඩ මුදල් ගෙවීමට ද සිදුවන බව එම නිවේදයේ වැඩිදුරටත් දැක්වෙනවා.



