ජනාධිපති රාමසාන් දින පණිවිඩය
ඉස්ලාම් බැතිමතුන් මසක් පුරා පැවැත්වූ උපවාස සමය නිමාකර මෙවර රාමසාන් උත්සවය සමරන්නේ රට තුළ ගොඩනැඟී ඇති කිසියම් සහනදායී පරිසරයක් තුළය. එය සියලුදෙනාට සැනසුමට හේතුවක් බව නිසැකය.
උපවාස සමය සහ රාමසාන් උත්සවය වටිනා ආගමික, අධ්‍යාත්මික හා සමාජයීය හර පද්ධතියකින් සමන්විතය. එම වටිනාකම් සුරැකෙන සේ ඉතාමත් භක්තියෙන්, අවංකව උපවාස සමයේ වත් පිළිවෙත් ඉටු කිරීමට ඉස්ලාම් බැතිමත්හු කැපවෙති.
නිරාහාරව රාමසාන් උපවාස සමය ගත කිරීම පමණක් නොව සමාජයේ අනෙකුත් පුද්ගලයන් පිළිබඳ සංවේදී වෙමින් පරිත්‍යාගශීලීත්වයේ හා සමානාත්මතාවයේ මාහැඟි පණිවිඩය ලොවට ගෙන එන වැදගත් අවස්ථාවක් ලෙස ද මෙය සැලකේ.
සාමයෙන් සහ සහෝදරත්වයෙන් සපිරි දියුණු ශ්‍රී ලංකාවක් ගොඩනැඟීමට අප තබන පියවරේ දී මෙම සමාජ ධර්මතා මනා පරමාදර්ශයක් වන අතර එමගින් ලබාදෙන පණිවිඩය සමාජයීය යහපැවැත්ම උදෙසා යෙදවීමට අප සියලුදෙනා අදිටන් කරගත යුතුය.
ජාති, ආගම් භේදයකින් තොරව එකම ශ්‍රී ලාංකික ජනතාවක් ලෙස එක්සත්ව අප මව්බිම සමෘද්ධිය කරා ගෙන යාමටත්, නිදහස, සමානාත්මතාවය සහ මානව ගරුත්වය රජයන සමාජයක් ගොඩනැඟීමටත් මෙවර රාමසාන් සැමරුම ආශිර්වාදයක් වේවායි ප්‍රාර්ථනා කරමි.
ශ්‍රී ලාංකික මෙන්ම සමස්ත ලෝක වාසි සහෝදර මුස්ලිම් ජනතාවට සාමය, සංහිඳියාව සපිරි ප්‍රීතිමත් රාමසාන් උත්සවයක් වේවා !
රනිල් වික්‍රමසිංහ
ජනාධිපති
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය
2023 අප්‍රේල් 21 වන දින
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…