දේශීය

මිලේච්ඡ පාස්කු ප්‍රහාරයට අදට වසර 4යි: වින්දිතයින්ට සාධාරණය ඉටු වන්නේ කවදා ද?

අප්‍රේල් 21යනු ශ්‍රී ලංකා ඉතිහාසයේ තවත් එක් අඳුරු දිනයක්. එය මෙරට කෝටි 2ක ජනතාවගේ සිත් තුළින් අකාමකා දැමිය නොහැකි තරම් අඳුරු දිනයක් ලෙස හැඳින්විය හැක.

2019 වසරේ අප්‍රේල් 21 දාට යෙදී තිබුණු ‘පාස්කු ඉරිදා’ දින කුඩා දරුවන් ද ඇතුළු පුද්ගලයින් 277 දෙනෙකු මරණයට පත් කරමින්, ළමුන් සිය ගණනකට තම දෙමව්පියන්, නෑදෑ හිතවතුන්, සහෘදයින් අහිමි කරමින් මරාගෙන මැරෙන බෝම්බකරුවන් පිරිසක් එල්ල කළ කුරිරු ත්‍රස්තවාදී ප්‍රහාරයකට අදට වසර 04ක් සපිරෙනවා.

ප්‍රහාරය සිදුව වසර 04ක් ගත වුවත්, මේ වනවි⁣ටත් මෙම ප්‍රහාරයේ වින්දිතයින්ට සාධාරණය ඉෂ්ට වී ඇද්ද? ප්‍රහාරය පිළිබඳ කළින් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් ප්‍රහාරය ප්‍රහාරය වළක්වා ගැනීමට පියවර නොගත් වගකිවයුත්තන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වී ඇද්ද යන්න බරපතළ ප්‍රශ්නාර්ථයක්?

2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා දිනයේ ශ්‍රී ලංකාවේ කතෝලික හා ක්‍රිස්තියානි පල්ලි 03ක් ද, කොළඹ සුඛෝපභෝගී හෝටල් 03ක් ද ඉලක්කකර ඉස්ලාමීය ත්‍රස්තවාදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවක් එල්ල වුණා.

එදිනම, දෙමටගොඩ පිහිටි නිවාස සංකීර්ණයක ද, දෙහිවල පිහිටි ලැඟුම්හලක ද බෝම්බ පිපිරීම් වාර්තා වුණා.

ප්‍රහාරවලින් විදේශිකයන් 45 දෙනෙකු, පොලිස් නිලධාරීන් තිදෙනෙකු, සහ බෝම්බකරුවන් 08දෙනා ද ඇතුළුව පුද්ගලයින් 277 දෙනෙකු මිය ගියා.

තවත් 500කට අධික පිරිසකට තුවාල සිදුවුණා.

මීගමුව කටුවාපිටිය දේවස්ථානයට, මඩකලපුව සියෝන් දේවස්ථානයට සහ කොළඹ කොච්චිකඩේ දේවස්ථානයට පාස්කු ඉරිදා දේව මෙහෙයන් අතරතුරදී ප්‍රහාර එල්ල කෙරුණා.

කොළඹ ෂැන්ග්‍රි-ලා, සිනමන් ග්‍රෑන්ඩ්, කිංග්ස්බරි සහ දෙහිවල ට්‍රොපිකල් ඉන් යනු ප්‍රහාරයට ලක් වූ සුඛෝපභෝගී හෝටල් සහ ලැඟුම්හල්

ප්‍රහාරයට සම්බන්ධ බෝම්බකරුවන් අටදෙනාම ශ්‍රී ලාංකික පුරවැසියන් වූ අතර, ඔවුන් ජාතික තව්හීද් ජමාත් නම් සංවිධානයට සම්බන්ධව සිටියවුන් බව එවකට මාධ්‍ය වාර්තා කළා.

තොරතුරු සහ මූලාශ්‍ර – බීබීසී ඇසුරෙන්

මේ පිළිබඳව සැකසුණු විශේෂ විඩියෝව පහතින්,

Recent Posts

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන් රජයට ප්‍රසාදය

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…

1 day ago

කාදිනල්තුමා හා ජනපති අතර හමුවක්. සිරිල් ගාමිණී ඇතුළු පියතුමන්ලාත් ඇවිත්පාස්කු විමර්ශන ප්‍රගතියත් කතාබහට

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…

1 day ago

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

3 days ago

Gen Z නැගිටීමේ සිට ඩිජිටල් බලය දක්වා — රංග කලංසූරියගේ ‘The Youthquake’ එළිදකී

ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…

3 days ago

ලංගමට තවත් බස් 800ක් – මෙට්‍රෝ බස් 50කුත් එකතු වෙයි

සුභා­ෂිණී සේනා­නා­යක, නිමල් රාජ­පක්ෂ පොදු ප්‍රවා­හන සේවාවේ ප්‍රධාන භූමි­කා­වක් ඉටු­ ක­රන ලංගම තව­දු­ර­ටත් ශක්ති­මත් කිරී­මට…

4 days ago

පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් අපේ පූර්ණ සහයෝගය!- විපක්ෂ නායක

පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…

4 days ago