අප්‍රේල් 21යනු ශ්‍රී ලංකා ඉතිහාසයේ තවත් එක් අඳුරු දිනයක්. එය මෙරට කෝටි 2ක ජනතාවගේ සිත් තුළින් අකාමකා දැමිය නොහැකි තරම් අඳුරු දිනයක් ලෙස හැඳින්විය හැක.
2019 වසරේ අප්‍රේල් 21 දාට යෙදී තිබුණු ‘පාස්කු ඉරිදා’ දින කුඩා දරුවන් ද ඇතුළු පුද්ගලයින් 277 දෙනෙකු මරණයට පත් කරමින්, ළමුන් සිය ගණනකට තම දෙමව්පියන්, නෑදෑ හිතවතුන්, සහෘදයින් අහිමි කරමින් මරාගෙන මැරෙන බෝම්බකරුවන් පිරිසක් එල්ල කළ කුරිරු ත්‍රස්තවාදී ප්‍රහාරයකට අදට වසර 04ක් සපිරෙනවා.
ප්‍රහාරය සිදුව වසර 04ක් ගත වුවත්, මේ වනවිටත් මෙම ප්‍රහාරයේ වින්දිතයින්ට සාධාරණය ඉෂ්ට වී ඇද්ද? ප්‍රහාරය පිළිබඳ කළින් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් ප්‍රහාරය ප්‍රහාරය වළක්වා ගැනීමට පියවර නොගත් වගකිවයුත්තන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වී ඇද්ද යන්න බරපතළ ප්‍රශ්නාර්ථයක්?
2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා දිනයේ ශ්‍රී ලංකාවේ කතෝලික හා ක්‍රිස්තියානි පල්ලි 03ක් ද, කොළඹ සුඛෝපභෝගී හෝටල් 03ක් ද ඉලක්කකර ඉස්ලාමීය ත්‍රස්තවාදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවක් එල්ල වුණා.
එදිනම, දෙමටගොඩ පිහිටි නිවාස සංකීර්ණයක ද, දෙහිවල පිහිටි ලැඟුම්හලක ද බෝම්බ පිපිරීම් වාර්තා වුණා.
ප්‍රහාරවලින් විදේශිකයන් 45 දෙනෙකු, පොලිස් නිලධාරීන් තිදෙනෙකු, සහ බෝම්බකරුවන් 08දෙනා ද ඇතුළුව පුද්ගලයින් 277 දෙනෙකු මිය ගියා.
තවත් 500කට අධික පිරිසකට තුවාල සිදුවුණා.
මීගමුව කටුවාපිටිය දේවස්ථානයට, මඩකලපුව සියෝන් දේවස්ථානයට සහ කොළඹ කොච්චිකඩේ දේවස්ථානයට පාස්කු ඉරිදා දේව මෙහෙයන් අතරතුරදී ප්‍රහාර එල්ල කෙරුණා.
කොළඹ ෂැන්ග්‍රි-ලා, සිනමන් ග්‍රෑන්ඩ්, කිංග්ස්බරි සහ දෙහිවල ට්‍රොපිකල් ඉන් යනු ප්‍රහාරයට ලක් වූ සුඛෝපභෝගී හෝටල් සහ ලැඟුම්හල්
ප්‍රහාරයට සම්බන්ධ බෝම්බකරුවන් අටදෙනාම ශ්‍රී ලාංකික පුරවැසියන් වූ අතර, ඔවුන් ජාතික තව්හීද් ජමාත් නම් සංවිධානයට සම්බන්ධව සිටියවුන් බව එවකට මාධ්‍ය වාර්තා කළා.
තොරතුරු සහ මූලාශ්‍ර – බීබීසී ඇසුරෙන්
මේ පිළිබඳව සැකසුණු විශේෂ විඩියෝව පහතින්,
https://youtu.be/j7p-X33xpfs
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…
Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…