Thursday, June 4, 2026
Homeදේශීයදශකයට පසු අද දෙමුහුන් සූර්යග්‍රහණයක්..

දශකයට පසු අද දෙමුහුන් සූර්යග්‍රහණයක්..

අද (20)දෙමුහුන් සූර්යග්‍රහණයක් සිදුවන බව කොළඹ විශ්වවිද්‍යාලයයේ තාරකා විද්‍යා සහ අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න පවසනවා.

ඔහු සඳහන් කළේ, අද පෙරවරු 7.04 ට ආරම්භ වන සූර්යග්‍රහණය දහවල් 12.29 ට අවසන් වන බවයි.

නමුත් මෙම සූර්යග්‍රහණය ශ්‍රී ලංකාවාසීන්ට සහ ලෝකයේ බොහෝ රටවලට දැක ගැනීමේ හැකියාවක් නොමැති බව මහාචාර්ය චන්දන ජයරත්න සඳහන් කළා.

දෙමුහුන් සූර්යග්‍රහණ ඉතා දුර්ලභ බව ඔහු පවසනවා.

අවසන් දෙමුහුන් සූර්යග්‍රහණය මීට වසර 10කට පමණ පෙර සිදු වී ඇති බව මහාචාර්ය චන්දන ජයරත්න වැඩිදුරටත් සඳහන් කළා.

READ:   මහරගම මන්ත්‍රී - මන්ත්‍රිනී ගැටුමක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්