Monday, April 20, 2026
Homeදේශීයහදිසියේ පානදුරේ මුස්ලිම් පල්ලි 23ක ආරක්ෂාව තර කෙරේ..

හදිසියේ පානදුරේ මුස්ලිම් පල්ලි 23ක ආරක්ෂාව තර කෙරේ..

පානදුර කොට්ඨාසයේ පිහිටි පොලිස් වසම් 03ක ආරක්ෂාව තරකර තිබෙනවා.

ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙකු පැවසුවේ ලද තොරතුරකට අනුව මෙලෙස ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන ඇති බවයි.

පානදුර පොලිස් වසමේ පිහිටා ඇති මුස්ලිම් දේවස්ථාන 14ක්, පානදුර දකුණ පොලිස් වසමේ මුස්ලිම් දේවස්ථාන 03ක් සහ පානදුර උතුර පොලිස් වසමේ මුස්ලිම් දේවස්ථාන 6ක් ආවරණය වන පරිදි මෙලෙස ආරක්ෂාව තරකර තිබෙනවා.

පොලීසිය වැඩිදුරටත් පවසන්නේ පොලිස් ජංගම සේවා රථ යොදා මෙලෙස විශේෂ ආරක්ෂාවක් යොදවා ඇති බවයි.

මූලාශ්‍රය – අද දෙරණ
sinhala.adaderana.lk/news/180840

READ:   ප්‍රබල කුණාටු සහිත ගංවතුර නිව්යෝර්ක් ගිල ගනී..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්