සංචාරක අයර්ලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැති පළමු ටෙස්ට් තරඟය ඉනිමක සහ ලකණු 280ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (18) සමත් වුණා.
කාසිය වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම සඳහා කඩුළු 06 ක් දැවී ලකුණු 591 ක් රැස් කළා.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් නායක දිමුත් කරුණාරත්න ලකුණු 179 ක්, කුසල් මෙන්ඩිස් ලකුණු 140 ක් , දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 102 ක් වශයෙන් රැස් කළා.
ඊට පිළිතුරු වශයෙන් පළමු ඉනිම ක්‍රීඩා කළ අයර්ලන්ත කණ්ඩායමට රැස්කිරීමට හැකි වූයේ ලකුණු 143ක් පමණයි.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේදී ප්‍රභාත් ජයසූරිය තරඟය පුරා ලකුණු 108 කට කඩුලු 10ක් දවාගත්තා.
ඉනිමක පරාජයෙන් බේරිම සඳහා නැවතත් පන්දුවට පහරදුන් අයර්ලන්ත කණ්ඩායම සියලු දෙනා දැවී ලබාගත්තේ ලකුණු 168 ක් පමණයි.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්රික්කවල පස්වරු 1.00…
ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර පවතින දිගුකාලීන මිත්රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ දෙරට අතර ආර්ථික…
අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්රියාත්මක නොවූ ශක්තිමත් රාජ්ය පාලනයක්…
මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…