දේශීය

එළුපාලනයට කැමති අයට එළුවන් නොමිලේ

ග්‍රාමීය වශයෙන් එළුපාලනය ඉහළ නැංවීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් එළුවන් 70,000ක් ග්‍රාමීය අංශයේ රැකියා නොමැති මෙන්ම එළු පාලනයට කැමැති තරුණ ප්‍රජාව අතර බෙදා දීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.
කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ තිබෙන ග්‍රාමීය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන් මහතා ඇතුළු නිලධාරින් පිරිසක් සමග සිදු කළ සාකච්ඡාවක දී අමාත්‍යවරයා අප රටේ එළු පාලනය සම්බන්ධව අදහස් පළ කරමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.
දැනට අප රටේ එළු පාලනය පුළුල් මට්ටමින් සිදු නොවෙන නිසා එළු පාලනය ආශ්‍රීත නිෂ්පාදන වන එළු මස් හා එළු කිරි වැඩි ප්‍රමාණයක් විදේශ රටවලින් ආනයනය කරනු ලබයි. එමෙන්ම එළු සම් ලබා ගැනීම හා එළු පොහොර නිෂ්පාදනය මගින් ද ඉහළ ආදායමක් ලබා ගත හැකිය.
මෙම වැඩපිළිවෙළ සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් වැය කිරීමට යෝජිත මුදල රුපියල් මිලියන 150කි.
රැකියා විරහිත තරුණ තරුණියන් රැසක් ග්‍රාමීය අංශයේ සිටින අතර ඔවුන්ට අමතර ආදායම් මාර්ග ලබා ගැනීම සඳහා මෙම වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කිරීමටත්, ඒ සඳහා අවශ්‍ය උසස් තත්ත්වයේ එළුවන් ලබා දීම හා එළුපාලනය සදහා අවශ්‍ය තාක්ෂණය ලබා දීම මෙන්ම එළුපාලනය ආශ්‍රිත නිෂ්පාදන නැවත මිල දී ගැනීම සදහා ( Buy Back) පුද්ගලික අංශයේ සහයෝගය සළසා දීමට ද නියමිතය.
ඒ අනුව මෙම වසර අවසන් වන විට එළුවන් 70,000ක් ලබා දෙන අතරම , 2024 වසරේ දී එම ප්‍රමාණය තවදුරටත් ඉහළ නැංවීම අරමුණ වේ.
එමෙන්ම එළු පාලනය සදහා ඉඩකඩ ඇති දිස්ත්‍රික්ක කිහිපයක් පළමුවෙන් තෝරාගෙන එම දිස්ත්‍රික්කවල තරුණ ප්‍රජාව අතර පළමුවෙන් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට නියමිතය.

අප රටේ කවර දිස්ත්‍රික්කයක වුවද එළු පාලනය ඉතා හොඳින් සිදු කළ හැකිය. මේ සඳහා සුදුසු එළු වර්ග කිහිපයක් දැනට හඳුනාගෙන ඇත. ඔවුන් නම් ජම්නපාරී, කොට්ටුකච්චි, බෝයර් හා සානන් යන වර්ගයන්ය. මෙම එළු විශේෂ මගින් වැඩි ආදායමක් උපයා ගත හැකි බව කෘෂි අංශ පෙන්වා දෙයි.

:කෘෂිකර්ම අමාත්‍යාංශය

Recent Posts

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන් රජයට ප්‍රසාදය

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…

5 hours ago

කාදිනල්තුමා හා ජනපති අතර හමුවක්. සිරිල් ගාමිණී ඇතුළු පියතුමන්ලාත් ඇවිත්පාස්කු විමර්ශන ප්‍රගතියත් කතාබහට

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…

5 hours ago

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

2 days ago

Gen Z නැගිටීමේ සිට ඩිජිටල් බලය දක්වා — රංග කලංසූරියගේ ‘The Youthquake’ එළිදකී

ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…

2 days ago

ලංගමට තවත් බස් 800ක් – මෙට්‍රෝ බස් 50කුත් එකතු වෙයි

සුභා­ෂිණී සේනා­නා­යක, නිමල් රාජ­පක්ෂ පොදු ප්‍රවා­හන සේවාවේ ප්‍රධාන භූමි­කා­වක් ඉටු­ ක­රන ලංගම තව­දු­ර­ටත් ශක්ති­මත් කිරී­මට…

3 days ago

පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් අපේ පූර්ණ සහයෝගය!- විපක්ෂ නායක

පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…

3 days ago