ග්‍රාමීය වශයෙන් එළුපාලනය ඉහළ නැංවීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් එළුවන් 70,000ක් ග්‍රාමීය අංශයේ රැකියා නොමැති මෙන්ම එළු පාලනයට කැමැති තරුණ ප්‍රජාව අතර බෙදා දීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.
කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ තිබෙන ග්‍රාමීය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන් මහතා ඇතුළු නිලධාරින් පිරිසක් සමග සිදු කළ සාකච්ඡාවක දී අමාත්‍යවරයා අප රටේ එළු පාලනය සම්බන්ධව අදහස් පළ කරමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.
දැනට අප රටේ එළු පාලනය පුළුල් මට්ටමින් සිදු නොවෙන නිසා එළු පාලනය ආශ්‍රීත නිෂ්පාදන වන එළු මස් හා එළු කිරි වැඩි ප්‍රමාණයක් විදේශ රටවලින් ආනයනය කරනු ලබයි. එමෙන්ම එළු සම් ලබා ගැනීම හා එළු පොහොර නිෂ්පාදනය මගින් ද ඉහළ ආදායමක් ලබා ගත හැකිය.
මෙම වැඩපිළිවෙළ සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් වැය කිරීමට යෝජිත මුදල රුපියල් මිලියන 150කි.
රැකියා විරහිත තරුණ තරුණියන් රැසක් ග්‍රාමීය අංශයේ සිටින අතර ඔවුන්ට අමතර ආදායම් මාර්ග ලබා ගැනීම සඳහා මෙම වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කිරීමටත්, ඒ සඳහා අවශ්‍ය උසස් තත්ත්වයේ එළුවන් ලබා දීම හා එළුපාලනය සදහා අවශ්‍ය තාක්ෂණය ලබා දීම මෙන්ම එළුපාලනය ආශ්‍රිත නිෂ්පාදන නැවත මිල දී ගැනීම සදහා ( Buy Back) පුද්ගලික අංශයේ සහයෝගය සළසා දීමට ද නියමිතය.
ඒ අනුව මෙම වසර අවසන් වන විට එළුවන් 70,000ක් ලබා දෙන අතරම , 2024 වසරේ දී එම ප්‍රමාණය තවදුරටත් ඉහළ නැංවීම අරමුණ වේ.
එමෙන්ම එළු පාලනය සදහා ඉඩකඩ ඇති දිස්ත්‍රික්ක කිහිපයක් පළමුවෙන් තෝරාගෙන එම දිස්ත්‍රික්කවල තරුණ ප්‍රජාව අතර පළමුවෙන් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට නියමිතය.
අප රටේ කවර දිස්ත්‍රික්කයක වුවද එළු පාලනය ඉතා හොඳින් සිදු කළ හැකිය. මේ සඳහා සුදුසු එළු වර්ග කිහිපයක් දැනට හඳුනාගෙන ඇත. ඔවුන් නම් ජම්නපාරී, කොට්ටුකච්චි, බෝයර් හා සානන් යන වර්ගයන්ය. මෙම එළු විශේෂ මගින් වැඩි ආදායමක් උපයා ගත හැකි බව කෘෂි අංශ පෙන්වා දෙයි.
:කෘෂිකර්ම අමාත්‍යාංශය
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…