ලාංකික සිංහල – දෙමළ අපගේ මහඟු උරුමයක් වන එළඹුණු 2023 අලුත් අවුරුද්ද සුභාශිර්වාදයෙන්
සපිරුණු, යහපත් සිතුම් පැතුමි ඉටුවන, නිරෝගී සම්පත් උදාකරදෙන වසරක් වේවායි
ප්‍රථමයෙන්ම මගේ හෘදයාංගම සුභාශිංසන සියලු ලක්වැසියන්ට එක් කරනු කැමැත්තෙමි.
පසුගිය වසර කිහිපය පුරා රටක් සහ ලෝකයක් ලෙස අප අත්විඳි අභියෝග මධ්‍යයේ වුවද අපි
අලුත් අවුරුද්දක වටිනාකම අත් නොහළෙමු. ලොව බියෙන්- සැකෙන් ඇළලෙද්දී වුවද අපේ වැඩිහිටි
පරපුර තමන් සතු මහාර්ඝ ධනය සේ සලකා සිංහල- දෙමළ අවුරුදු සිරිත් විරිත් සිය දරු-දැරියන්
සමඟ සැමරූ මෑත අතීතය මගේ මතකයෙන් තවමත් මැකී නොයේ. එදා මෙන් අදද හෙටද එයින්
වැඩි ගෞරවය අප පිදිය යුත්තේ , ලක් වනිතාවටයි. ගැහැනු-පිරිමි අප දෙපාර්ශවයම
මහන්සියෙන්, පවුල වෙනුවෙන් උපයන ධනය, කවර අඟහිඟ – ආර්ථික දුෂ්කරතා මැද නමුත් නිවහනේ
ආදරයසොම්නස රැකගනිමින්, මෙවන් ප්‍රීත්‍යුත්සව සඳහා අරපිරිමැස්මෙන් මෙහෙයවන ඔවුහු
රටක සැබෑ මූල්‍ය පාලිකාවෝ වෙති. මහගෙදරට පවුලම ඒකරාශී වන එවන් මොහොතක මවක,
බිරිඳක, දුවකගේ මුහුණෙහි ඇදෙන සිනහවට වඩා අප සැමට හොරා ඔවුන්ගේ ඇසින් වැටෙන සතුටු
කඳුළක බෞද්ඹ- හින්දු අපේ අවුරුද්දේ සැබෑ අර්ථය මට දැනෙයි.
ලක් දෙරණ සිතින්ද ගතින්ද අත් නොහැර බැඳුණු වැඩිහිටි අප සැම අද සිටින්නේ, සප්ත සාගරය
තරණය කර අලුත් ලෝකයක් දකින්නට පතන දරු-මුනුපුරන් පිරිසක් පිරිවරාගෙනය. අලුත්
ලෝකයක් ගැන නොසිතන්නේ නම්, ගතානුගතිකත්වයේ බැඳීම් අතර අප සිරවෙනු ඇත. එනමුත්,
අලුත් අවුරුද්ද යනු වයස් භේදයකින් තොරව මේ නව පරම්පරාවට ගම්-රට බලා එන්නට,කෝවිල්
වඳින්නට, කජු පුහුලම් සුවඳ විඳින්නට, කතුරු ඔංචිල්ලාවක් පදින්නට, රටක් විලසට එක්වන්නට
අපට කරන ආදරණීය ඇරැයුමකි.
එපමණකදු නොව, අලුත් අවුරුද්ද අපේ සිරිත්- විරිත් වල අගය ලොව හමුවේ කියාපාන කැඩපතක්ද
වෙයි. වත්මන් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය හා නව මාධ්‍ය නම් බක් මස, කොහා හඩන්නටත් පෙර
ලෝකයට ඒ් කවුළුව විවර කරයි. වණික්වාදයේ ගොදුරක් නොවන්නේ නම් ඒ විවර කළ කවුළුවෙන්
හමන්නේ බොදු දහමින් මෙන්ම හින්දු දහමින්ද සුපෝෂිත අධ්‍යාත්මික සංස්කෘතියක සැබෑ සුවඳයි.
සැබෑ බෞද්ධයෙකු හෝ හින්දුවෙකු සහ අල්පේච්ඡතාවය සැබැවින්ම ප්‍රගුණ කළ අයෙකුට නමි,
නැවුම් බව යනු තවත් සාපේක්ෂ සංකල්පයක් පමණි. අලුත් අවුරුද්දේ අපේ වැය බර වැඩි කරන,
මෙවලම්- උපකරණ රැසක් ගෙතුළ ගොඩගසාගන්නවාට වඩා වටින්නේ සිතුවිලිවල යහපත්
වෙනසකි. කුඩා දරුවෙකුට මේ ආදර්ශය එක්වරම උගෙනගත නොහැකි වුවත්, වැඩිහිටි අප සැවොම
සිටින්නේ එක් රුපියලක්වත් අපතේ නොයැවිය හැකි තරම් අසීරු තත්ත්වයකය.
උදාවන සිංහල- දෙමළ අලුත් ඔබ සැමට අවුරුද්ද ජය, සතුට, නිරෝගී සම්පත්තිය උදාවන සුබ නව
වසරක් වේවා!
මෙත් සිතින්,
මහින්ද යාපා අබේවර්ධන,
කථානායක,
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.


