පවතින ආර්ථික දුෂ්කරතාවන් නිසා මෙවර සිංහල අලුත් අවුරුද්ද සැමරීමට නොහැකිව සිටින පවුල් සොයා රට වටේ අවුරුදු නෑගම් යන අපූරු තරුණ තරුණියන් පිරිසක් 11 දින දඹුල්ල ප්‍රදේශයේදී හමුවිණි.
මෙදින දවස පුරා දඹුල්ල, නාඋල, ගලේවෙල, අනුරාධපුර ආදී ප්‍රදේශ වල ග්‍රාමීය ප්‍රදේශවල සිටින ආර්ථික දුෂ්කරතා ඇති පවුල් 300කට වියළි ආහාර සහිත අවුරුදු බඩු මල්ලක් ලබාදීම ක්‍රියාත්මක කෙරිණි.
මෙරට තරුණ තරුණියන් ගෙන් සැදුම්ලත් එම් ටි එෆ් ඊ (M T F E S L ) සංවිධානය මෙම අපූරු අවුරුදු නෑගම් යෑම සිදු කරන්නට විය.
මෙම තරුණ තරුණියන් අනුරාධපුර ප්‍රදේශයේ දුෂ්කර ගම්මානවල ජනාවට අවුරුද්දට අවශ්‍ය වියළි ආහාර ලබා දීම සිදු කිරීමෙන් අනතුරුව දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම සේවා වසම් 49ක අවුරුදු නැති ජනතාවටත් නාඋල මෙන්ම ගලේවෙල හා සීගිරිය ප්‍රදේශයේ ජනතාවටත් අවුරුදු බඩු මලු ලබාදීම සිදුකෙරිණි.
සීගිරිය විශේෂ
උපුටා ගැනීම – දිවයින පුවත්පත
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…