දේශීය

කොළඹ වරායෙන් නැවකට හොරෙන් ඇතුළු වී අමෙරිකා යන්න ගිය ලංකාවේ කොල්ලෝ 4ක් සූවස් ඇලේදී කොටුවෙයි..

කොළඹ වරායේදී නෞකාවකට රහසේ ගොඩවූ බව කියන තරුණයින් සිව්දෙනෙකු ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළා.

ඒ, ඔවුන් අද(11) ගාල්ල වැඩබලන මහේස්ත්‍රාත් ප්‍රේමරත්න තිරාණගම මහතා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී.

කොළඹ වරායේදී නෞකාවකට රහසේ ගොඩවූ බව කියන මෙම තරුණයින් සිව්දෙනා ආරක්ෂක අංශවලට හසු වී තිබෙන්නේ එම නෞකාව සූවස් ඇල හරහා යාත්‍රා කරමින් තිබියදී.

අනතුරුව ඔවුන් ඊයේ(10) මෙරට පොලීසියට භාරදෙනු ලැබුවා.

කොළඹ වරායේ නැංගුරම්ලා තිබූ එම නෞකාව, ලයිබීරියාවේ ලියාපදිංචි නෞකාවක්.

මෙම තරුණයින් හතර දෙනා නෞකාවට හොර රහසේ ගොඩවී ඇත්තේ පසුගිය මස 24 වැනිදායි.

ඇමරිකාව බලා ගිය එම නෞකාව සූවස් ඇල හරහා යාත්‍රා කරමින් තිබියදී එහි සිටි මෙම තරුණයින් හමුවී තිබෙනවා.

එම අවස්ථාවේ ඔවුන් නෞකාවේ සේවකයින් ලෙස වෙස්වලාගෙන සිට තිබෙනවා.

එම තරුණයින් සිව්දෙනා මෙරට බලධාරීන් වෙත භාර දීම සදහා චීනය බලා යාත්‍රා කරමින් තිබූ වෙනත් නෞකාවට පසුව භාර දී ඇත.

තරුණයින් සිව් දෙනා මුලතිව්, චුන්නාක්කම්, කයිට්ස්, වැල්වැටිතුරෙයි යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව මේ වනවිට හඳුනාගෙන තිබෙනවා.

ඔවුන් කොළඹ වරායේදී නෞකාවට ඇතුළු වූයේ කෙසේදැයි සෙවීමට මේ වනවිටත් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.

Recent Posts

ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top Solar ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට මූලික සාකච්ඡා ඇරඹේ

මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…

47 mins ago

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන් රජයට ප්‍රසාදය

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…

2 days ago

කාදිනල්තුමා හා ජනපති අතර හමුවක්. සිරිල් ගාමිණී ඇතුළු පියතුමන්ලාත් ඇවිත්පාස්කු විමර්ශන ප්‍රගතියත් කතාබහට

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…

2 days ago

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

4 days ago

Gen Z නැගිටීමේ සිට ඩිජිටල් බලය දක්වා — රංග කලංසූරියගේ ‘The Youthquake’ එළිදකී

ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…

4 days ago

ලංගමට තවත් බස් 800ක් – මෙට්‍රෝ බස් 50කුත් එකතු වෙයි

සුභා­ෂිණී සේනා­නා­යක, නිමල් රාජ­පක්ෂ පොදු ප්‍රවා­හන සේවාවේ ප්‍රධාන භූමි­කා­වක් ඉටු­ ක­රන ලංගම තව­දු­ර­ටත් ශක්ති­මත් කිරී­මට…

4 days ago