මෙතෙක් අප රටේ වී අක්කරයකට ලැබූ වැඩිම වී අස්වනු ප්‍රමාණය වාර්තා කිරීමට 2022/23 මහ කන්නයේ දී අම්බලන්තොට ප්‍රදේශයේ ගොවීහු සිව්දෙනෙක් සමත්ව ඇතැයි බතලගොඩ වී පර්යේෂණායතනය විසින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට වාර්තාවක් සපයමින් සඳහන් කර තිබේ.
ඒ අනුව ගොවීන් තිදෙනෙක් අක්කරයකට ලද වී අස්වනු ප්‍රමාණය වී බුසල් 215 හෙවත් වී කිලෝග්‍රෑම් 4407.5ක් වාර්තා කර ඇති අතර තවත් එක් ගොවියෙක් අක්කරයකට වී බුසල් 195ක් හෙවත් වී කිලෝග්‍රෑම් 3997.5ක් වශයෙන් වාර්තා කර තිබේ.
මේ අනුව රිදියගම පදිංචි කේ.පී. ඩී. ඊ. ජයසේකර , මාලා පරණවිතාන, හා ජී. අබේසිංහ යන ගොවි මහත්ම මහත්මීහු අක්කරයකට වී බුසල් 215ක අස්වැන්නක් ලබා ඇති අතර මයුරපුර පදිංචි ජානක නුවන් දිසානායක මහතා අක්කරයකට වී බුසල් 195ක් වාර්තා කර ඇති බව බතලගොඩ වී පර්යේෂණායතනය පවසයි.
මෙම ගොවීන් සියලු දෙනාම වගා කර තිබෙන්නේ අම්බලන්තොට වී පර්යෙෂ්ණායතනය විසින් හඳුන්වා දී තිබෙන At 362 නැමැති වී ප්‍රභේදයයි.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ලබා දී ඇති උපදෙස් පරිදි යුරියා පොහොර මෙන්ම කාබනික පොහොර මෙම ගොවීන් විසින් යොදා ඇති අතර ඊට අමතරව පිළිස්සු පිදුරු, හා දහයියා අළු හා බන්ඩි පොහොර යෙදීම ද සිදු කර තිබේ.
කෙසේ වුවද මෙතෙක් අප රටින් වාර්තා වූ වැඩිම වී අස්වනු ප්‍රමාණය මෙය වන අතර ඔවුන් විසින් හෙක්ටෙයාර් එකකට ලද වී අස්වැන්න මෙට්‍රික් ටොන් 10 ඉළක්කය ඉක්මවා තිබීම ද විශේෂත්වයක් බව බතලගොඩ වී පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය ජයන්ත සේනානායක මහතා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට පැවසීය.
:කෘෂිකර්ම අමාත්‍යාංශය
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…