දේශීය

‘විද්දා’ හෙරොයින් සමඟ STF දැලට කොටුවෙයි

ප්‍රබල සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වන ගනේමුල්ල සංජීව නැමැත්තාගේ ප්‍රධානතම ගෝලයෙකු වන විද්දා සමග තවත් පුද්ගලයකු හෙරොයින් සමඟ පොලිස් විශේෂ කාර්ය බලකායෙ අත්අඩංගුවට

විශේෂ කාර්ය බලකාය සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය ii හි නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි සහකාර පොලිස් අධිකාරි (බුද්ධි/විශේෂ මෙහෙයුම්/ මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය මත සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය ii හි උප පොලිස් පරීක්ෂක ටි.එන්. ධර්මවර්ධන ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් 2023.04.06 වන දින කඩවත පොලිස් වසමේ කඩවත බස්නැවතුම්පොළ ඉදිරිපිට දී වැටලීමක් සිදුකර ඇත.

එහි දී සංවිධානාත්මක අපරාධ කරුවෙකු වන ගනේමුල්ල සංජීව නැමැත්තාගේ ප්‍රධානතම ගෝලයෙකු වන වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 36ක් වන විද්දා යන අය වෑන් රථයකින් නීති විරෝධි මත්ද්‍ර‍ව්‍යක් වන හෙරොයින් ප්‍රවාහනය කරන බවට ලද තොරතුරට අදාලව කඩවත බස්නැවතුම්පොළ ඉදිරිපිටදී පරීක්ෂා කිරීමේ හොරෝයින් ග්‍රෑම් 24 මිලි ග්‍රෑම් 500 ක් සමග අත්අඩංගුවට ගෙන ඇති අතර, මොහු ත්‍රස්තවාදි ක්‍රියා හා මනුෂ ඝාතන තුනකට සම්බන්ධ නිතියෙ ඇසට වැලිගසමින් සැගව සිටි බවට අනාවරණය වී ඇත. එම වෑන් රථයේ රියදුරු ලෙස කටයුතු කල වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 23ක් වන පුද්ගලයකු සන්තකයේ තිබි හෙරෝයින් ග්‍රෑම් 15 මිලි ග්‍රෑම් 300 ක් සමග අත්අඩංගුවට ගෙන වෑන් රථයද සමග වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කඩවත පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

Recent Posts

අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් යැවූ සම්පූර්ණ පණිවිඩය

මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…

1 day ago

නගර සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක වීමට නියමිත “Life Cities” ව්‍යාපෘතිය අගමැති ප්‍රධානත්වයෙන් ජනගත කෙරේ

2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…

2 days ago

ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top Solar ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට මූලික සාකච්ඡා ඇරඹේ

මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…

2 days ago

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන් රජයට ප්‍රසාදය

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…

4 days ago

කාදිනල්තුමා හා ජනපති අතර හමුවක්. සිරිල් ගාමිණී ඇතුළු පියතුමන්ලාත් ඇවිත්පාස්කු විමර්ශන ප්‍රගතියත් කතාබහට

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…

4 days ago

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

6 days ago