දේශීය

බුලත් විට කන අයට අනතුරු ඇඟවීමක්

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයෝ පිරිසක් සොයා ගත් බවට වාර්තාවක් පළ වී තිබිණ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුරංගි යසවර්ධන, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ප්‍රදීප් ජයවීර, මහාචාර්ය මංජුලා වීරසේකර සහ ආචාර්ය සජිත් එදිරිසිංහ යන මහත්ම මහත්මීන්ගේ මඟපෙන්වීම යටතේ අවසන් වසර උපාධි අපේක්ෂක හෂාන් ප්‍රියන්ත විසින් සිදුකළ පර්යේෂණයකින් අනතුරුව රෝස පැහැති හුණුවල පිළිකා සංඝටක පවතින බව තහවුරු වී තිබේ.

ඔවුන් සොයා ගත් පරිදි රෝස පැහැති හුණුවල පිළිකාකාරකයක් වන රොඩමීන් බී (Rhodamine B) නැමැති රසායනික සංඝටකය පවතින බව පෙන්වා දී තිබේ.

බුලත්විට කෑමේදී භාවිතයට ගන්නා හුණු වර්ග දිවයින පුරා විවිධ ප්‍රෙද්ශවලින් සාම්පල 48 ක් පර්යේෂණයට භාජනය කර ඇති අතර, විශේෂයෙන් යාපනය ප්‍රෙද්ශයේ ජනතාව බුලත්විට සඳහා යොදා ගන්නා රෝස පැහැති හුණුවල මෙම පිළිකාකරක වැඩි ප්මා‍රමාණයක්ණ හදුනාගැනීමට හැකිවූ බව විද්‍යාඥයෝ කියති.

Rhodamine B යනු රෙදිපිළි, කඩදාසි, මුද්‍රණ, තීන්ත කර්මාන්ත වලදී වර්ණකයක් ලෙස භාවිතා කරන අතර වල්නාශක වල වර්ණය වෙන් කොට දැක්වීමට භාවිතා කරන කෘත්‍රිම වර්ණක රසායනිකයකි. එය මෙම රෝස හුණු වල පැහැය සඳහා භාවිතා කිරීම තවත් දරුණු සමාජ අපරාධයක් ලෙස පෙන්වා දිය හැකිය. එය සාම්ප්‍රදායික භාවිතයක් අනිසි ලෙස ගැනීමෙන් සිදු වූ බලවත් වරදක් බව පෙන්වා දිය හැකිය.

Recent Posts

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

1 day ago

Gen Z නැගිටීමේ සිට ඩිජිටල් බලය දක්වා — රංග කලංසූරියගේ ‘The Youthquake’ එළිදකී

ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…

1 day ago

ලංගමට තවත් බස් 800ක් – මෙට්‍රෝ බස් 50කුත් එකතු වෙයි

සුභා­ෂිණී සේනා­නා­යක, නිමල් රාජ­පක්ෂ පොදු ප්‍රවා­හන සේවාවේ ප්‍රධාන භූමි­කා­වක් ඉටු­ ක­රන ලංගම තව­දු­ර­ටත් ශක්ති­මත් කිරී­මට…

2 days ago

පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් අපේ පූර්ණ සහයෝගය!- විපක්ෂ නායක

පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…

2 days ago

දේශගුණික විපර්යාස සහ ප්‍රධාන සෞඛ්‍ය අභියෝග 04 ක් ජය ගැනීමට කලාපීය සහයෝගීතාවයේ අවශ්‍යතාව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…

2 days ago

SAWM-SL ඩිජිටල් සමානාත්මතා AI පුහුණු වැඩමුළු සඳහා අයදුම්පත් දැන් විවෘතයි

COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…

5 days ago