දේශීය

බුලත් විට කන අයට අනතුරු ඇඟවීමක්

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයෝ පිරිසක් සොයා ගත් බවට වාර්තාවක් පළ වී තිබිණ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුරංගි යසවර්ධන, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ප්‍රදීප් ජයවීර, මහාචාර්ය මංජුලා වීරසේකර සහ ආචාර්ය සජිත් එදිරිසිංහ යන මහත්ම මහත්මීන්ගේ මඟපෙන්වීම යටතේ අවසන් වසර උපාධි අපේක්ෂක හෂාන් ප්‍රියන්ත විසින් සිදුකළ පර්යේෂණයකින් අනතුරුව රෝස පැහැති හුණුවල පිළිකා සංඝටක පවතින බව තහවුරු වී තිබේ.

ඔවුන් සොයා ගත් පරිදි රෝස පැහැති හුණුවල පිළිකාකාරකයක් වන රොඩමීන් බී (Rhodamine B) නැමැති රසායනික සංඝටකය පවතින බව පෙන්වා දී තිබේ.

බුලත්විට කෑමේදී භාවිතයට ගන්නා හුණු වර්ග දිවයින පුරා විවිධ ප්‍රෙද්ශවලින් සාම්පල 48 ක් පර්යේෂණයට භාජනය කර ඇති අතර, විශේෂයෙන් යාපනය ප්‍රෙද්ශයේ ජනතාව බුලත්විට සඳහා යොදා ගන්නා රෝස පැහැති හුණුවල මෙම පිළිකාකරක වැඩි ප්මා‍රමාණයක්ණ හදුනාගැනීමට හැකිවූ බව විද්‍යාඥයෝ කියති.

Rhodamine B යනු රෙදිපිළි, කඩදාසි, මුද්‍රණ, තීන්ත කර්මාන්ත වලදී වර්ණකයක් ලෙස භාවිතා කරන අතර වල්නාශක වල වර්ණය වෙන් කොට දැක්වීමට භාවිතා කරන කෘත්‍රිම වර්ණක රසායනිකයකි. එය මෙම රෝස හුණු වල පැහැය සඳහා භාවිතා කිරීම තවත් දරුණු සමාජ අපරාධයක් ලෙස පෙන්වා දිය හැකිය. එය සාම්ප්‍රදායික භාවිතයක් අනිසි ලෙස ගැනීමෙන් සිදු වූ බලවත් වරදක් බව පෙන්වා දිය හැකිය.

Recent Posts

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

10 hours ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

1 day ago

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

2 days ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

2 days ago