දේශීය

ගාණෙන් වැඩි කොලටි⁣⁣යෙන් බාල කේක් පැටිකිරිය..

සාමාන්‍යයෙන් ලංකාවේ කේක් වලට තියෙන්නේ හරි ඉහළ ඉල්ලුමක්. අවුරුදු කාලේ නිසා මේ දවස්වල ඒ ඉල්ලුම ඩබල් ත්රිබල් වෙලා. මොකක් හරි සතුටුදායක දෙයක්, සිදුවීමක් සමරන්න කේක් නැතුවම බෑ. විශේෂ අවස්ථා වලට විතරක් නෙවෙයි, සමහර ඔෆිස්වල මෙන්ම ගෙවල්වලච් හවසට තේ බොන්න කේක් කපන්නේය. උපන් දිනේට, මඟුලට , ට්රාන්සර් වෙලා යනකොට, එනකොට , විභාග පාස් වුනාම, නෑ ගෙදරක යනකොට ,,,, එකී නොකී හැම අවස්ථාවකදීම පාහේ ලංකිකයින්ට කේක් නැතුවම බැරිය. දැන් කාලෙක ඉදන් ලංකාවේ ඉස්පිරිතාලවල වාට්ටුවල නැවතිලා ඉදල ටිකට් කපල ගෙදර යන ලෙඩ්ඩු වාට්ටුවල වැඩ කරන ස්ටාෆ් එකට තඩි කේක් ගෙඩියක් දෙන එක සම්ප්රධායක් වෙලා. විශේෂයෙන් බබාලා හම්බවෙන වාට්ටුවල වැඩ කරන කාර්ය මංඩලවලටනම් දවසට කේක් ගෙඩි තුන හතරක් වරදින්නේ නෑ. කොටින්ම මේ කාර්යමංඩලවලට අඩුවයසින් කේක් කාලාම දියවැඩියාව හැදුනේ නැති වුනොත් තමයි පුදුමේ.


ඒ ඒ අවස්ථාවට , එක් එක් පුද්ගලයාගේ තරාතිරමට ගැළපෙන විදියට, එක එක ගණන් වලට , නා නා ප්රකාරයේ හැඩ වැඩ පාට සුකුරුත්තන් දැමූ කේක් ජාති වෙළෙදපොලේ තිබෙනවා. සමහර කේක් අති සුඛෝපභෝගී උදවියට වන අතර එවුවා විකුණන වෙනම ෂොප්, අවුට්ලට් පවා තිබෙන්නේය. කොටින්ම , ඉස්සර කාලේ කැවුම් ගෙඩියට තිබිච්ච තැන දැන් කේක් ගෙඩියට ලැබිල තියෙනවා කිවුවොත් හරියටම හරි ය.
කේක් හදන විස්තරේ සහ එවුවට භාවිත කරන අඩුම කුඩුම රහකාරක, වහකාරක දිහෑ විපරම් කරල බැලුවම පැහැදිලිවම පේන්ඩ තියෙන්නේ , කේක් හදන බේකරි උන්නැහෙල “සිංහලයා මෝඩයා කේක් කාන්න සූරයා,,,” ය කියල හිතාගෙන කේක් කර්මාන්තය කොරන් යන බවය.


මේ දවස්වල කේක්වලට දාන අඩුම කුඩමවල මිළ ඉහළ ගිහින් තිබෙන නිසා බොහෝ කේක් නිෂ්පාදකයින් තත්වයෙන් බාල සහ ව්‍යාජ ආදේශක භාවිත කරන බව පැහැදිළිවම පෙනෙන්නට තිබෙනවා. දැන් වෙළඳපොලේ විකුණන්නට තිබෙන අති බහුතරයක් කේක් වර්ගවල නියමිත ප්රමිතියට සකස් කරාම තියෙන කොලටිය රසය හා සුවඳ නැති බව ඕනෑම කෙනෙකුට දැනෙන්න ඕන.


මේ පළමු චායාරූපයේ තියෙන්නේ ⁣චොක්ලට් කේක් කියල හදන කේක් වලට කොකෝවා වෙනුවට යොදනු ලබන චොකලට් රස කාරක අඩංගු බඳුනක්. කොකෝවා පවුඩර් නිසි පදමට දැම්මාම ⁣චොකලට් කේක් වලින් එන ලාක්ෂණික රසය හා සුවඳ කොකෝවා පොඩ්ඩක්වත් දාන්නේ නැතිව ගන්න පුලුවන් .
නියම පදමට කොකෝවා පවුඩර් දැම්මෙ නැතිවුනාම කේක් එකේ චොකලට් පාට ගන්න එක ඊළඟට තියෙන ප්රශ්නේ. එකට තමයි ⁣ඔය දෙවන පිංතූරෙ තියෙන ⁣⁣චොකලට් ඩයි එක තියෙන්නේ .මේ වර්ණකය දැම්මාම ලා දුඹු පාටෙ ඉදල තද කළු පාට දක්වා කේක් එකේ පාට ගන්න පුලුවන්.


මේ දෙවන පිංතූරයේ විශේෂයෙන් කියන්න ඕන තවත් කාරණාවක් තියෙනවා . ඒ, මේක එක්පයරි වෙලා තියෙන්නේ දැනට අවුරුදකට විතර කලින් ය කියන කාරණාව යි. ⁣කේක් හදන හුගක් බේකරිවල මේ වගේ කාලය ඉකුත් වෙච්චි නිෂ්පාදන මේ දවස්වල භාවිත කරන බව පෙනෙන්නට තියෙනවා .

ඔය තුන්වෙනි පොටෝ එකේ තියෙන්නේ වාහන පේන්ට් කරන හරි, චිත්ර අඳින තැනක ගත්තු පොටෝ එකක් නොවෙයි, ඒ බඳුන්වල තිබුනේ කේක් හදන්න ගන්න එක එක ජාතියේ කෘත්‍රිම රස කාරක, ඩයි වර්ග, බාල ෆැට් ස්ප්රෙඩ් වර්ග ,,,, වගේ එවුවා මෙවුවා වන අතර, එවුවායේ ලේබල්වල අඩු පාඩු, ප්රමිතියේ සහ ගබඩා කිරීමේ අඩුපාඩු, සනීපාරක්ෂාවේ ගැටලු , ඒවා යොදනු ලබන මාත්රාවේ ගැටලු මහ ගොඩක් නිරීක්ෂණය කරන්නට පුලුවන් .

කෙක් හදන තැන්වල තත්වය මෙහෙම වුනාට , මෙවුවා අලෙවි කරන්නට කිබෙන තැන්වල තත්වයන්නම්, ඉස්තරම්ම වේ . ඇසට ප්රිය, කටට කෙළ උනන සුවඳක් තියෙන , හැබැයි පොඩි මිනිහට තරු පෙනෙන ගණන් වලට අලෙවි කෙරෙන හුගක් කෙක් ගෙඩි ආර්ථික උද්ධමනය අස්සේ උපරිම ලාභ ලබන්න ට්රයි කරන කට්ට කපටි නිෂ්පාදකයින්ගේ සටකපටවලින් බේරිලා නැති බව සිහියේ තබා ගන්න එක තරාතිරම මොක වුනත්, ක්රය ශක්තිය (මිළ දී ගැනීමේ හැකියාව) කොපමණ වුනත් වටිනවා කියන එකනම් විශේෂයෙන් කියන්නට ඕනෑය .

සටහන – ගැමුණු සාලිය
උපුටා ගැනීම – සමාජ මාධ්‍යයෙන්

Recent Posts

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන් රජයට ප්‍රසාදය

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…

15 hours ago

කාදිනල්තුමා හා ජනපති අතර හමුවක්. සිරිල් ගාමිණී ඇතුළු පියතුමන්ලාත් ඇවිත්පාස්කු විමර්ශන ප්‍රගතියත් කතාබහට

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…

15 hours ago

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

2 days ago

Gen Z නැගිටීමේ සිට ඩිජිටල් බලය දක්වා — රංග කලංසූරියගේ ‘The Youthquake’ එළිදකී

ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…

2 days ago

ලංගමට තවත් බස් 800ක් – මෙට්‍රෝ බස් 50කුත් එකතු වෙයි

සුභා­ෂිණී සේනා­නා­යක, නිමල් රාජ­පක්ෂ පොදු ප්‍රවා­හන සේවාවේ ප්‍රධාන භූමි­කා­වක් ඉටු­ ක­රන ලංගම තව­දු­ර­ටත් ශක්ති­මත් කිරී­මට…

3 days ago

පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් අපේ පූර්ණ සහයෝගය!- විපක්ෂ නායක

පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…

3 days ago