Thursday, September 10, 2026
Homeදේශීයවිරෝධතාවකට ගිය පොලිස් කොස්තාපල්ගේ වැඩ තහනම්

විරෝධතාවකට ගිය පොලිස් කොස්තාපල්ගේ වැඩ තහනම්

ජල, විදුලි බිල වැඩිකිරීමට එරෙහිව විරෝධය පළ කරමින් අම්පාර ගොනාගොල්ල හන්දියේ පැවැති විරෝධතාවයක් සඳහා සහභාගී වූ පොලිස් කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම් කළ බව පොලිස් මූලස්ථානය පවසනවා.

ජාතික ජනබලවේගය විසින් පසුගියදා එම විරෝධතාවය සංවිධානය කර තිබුණා.

මෙලෙස වැඩ තහනමකට ලක්ව ඇත්තේ අම්පාර වෙල්ලාවේලි පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකු බව සඳහන් වෙනවා.

මොහු රාජකාරි විවේකය වාර්තා කර , කිසිදු පිටවීමේ සටහනක් නොදා සිවිල්  ඇඳුමෙන් සැරසී ඉකුත් 26 දින ගොනාගොල්ල හන්දියේ දී, රජයට එරෙහිව පැවති මෙම විරෝධතාවයට එක්ව සිටීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව විමර්ශනයක් පවත්වා ඊයේ (5) සිට  මෙම වැඩ තහනම සිදුකර ඇත.

උපුටා ගැනීම – ලංකාදීප පුවත්පත

READ:   මැතිවරණ අද කොමිසම රැස්වෙයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්