Sunday, April 26, 2026
Homeදේශීයප්‍රතිත්‍රස්ත පනත කල් යයි

ප්‍රතිත්‍රස්ත පනත කල් යයි

ත්‍රස්තවාදය වැලැක්වීමේ තාවකාලික විධිවිධාන ඇතුළත් පනත වෙනුවට ගෙන ඒමට නියමිත ප්‍රතිත්‍රස්ත පනත තවත් සති කිහිපයකින් ප්‍රමාද වන බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසනවා.

අප්‍රේල් 4 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වූ එම පනත් කෙටුම්පත අධිකරණ නිවාඩු කාලය පැමිණීම හේතුවෙන් ඉදිරිපත් කිරීම ප්‍රමාද කළ බව ඒ මහතා පැවසුවා.

නීතිඥයින් හා නොයෙක් සිවිල් සංවිධාන කළ ඉල්ලීම් සැලකිල්ලට ගෙන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ප්‍රමාද කළ ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත මෙම මාසයේ අවසාන සතිය තුළ හෝ මැයි මස මුල දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.

අදාළ වීඩියෝ දර්ශන පහතින්,

READ:   විදුලි සේවකයින් හෙට ලෙඩ නිවාඩු (VIDEO)
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්