Friday, April 17, 2026
Homeදේශීයපිටපිට ලාභ ලබන සෙවනගල, පැල්වත්ත සීනි කම්හල් විකිණීමට සැරසේ

පිටපිට ලාභ ලබන සෙවනගල, පැල්වත්ත සීනි කම්හල් විකිණීමට සැරසේ

ලාභ ලබන සෙවනගල සහ පැල්වත්ත සිනී කර්මාන්තශාලා, පෞද්ගලික අංශයට විකුණා දැමීමට රජය කටයුතු ආරම්භ කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

පිට පිට ලාභ ලබන මෙවැනි රාජ්‍ය ආයතන තමන්ට හිතුමනාප ආකාරයට ආණ්ඩුව විසින් පෞද්ගලික අංශයට විකිණීම තමන් ඇතුළු සමඟි ජන බලවේගය කිසිසේත් අනුමත නොකර බව අද (03) මාධ්‍යහමුවක් පවත්වමින් ඒ මහතා ප්‍රකාශ කළා.

නව තාක්ෂණය සහ නව ක්‍රමෝපායන් උපයෝගී කර ගෙන ලාභ ලබන රාජ්‍ය ආයනනවල ලාභය තවදුරටත් වැඩි කිරීමට පියවර ගන්නවා වෙනුවට එම ආයතනවල අයිතිය වෙනස් කිරීම සිදු නොකළ යුතු බව විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසුවා.

READ:   ආචාර්ය උපාධියක් හැදෑරීමට රජයේ සේවකයන්ට නිවාඩුවක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්