දේශීය

ඉන්ධන හිඟය ගැන ඇමතිගෙන් නිවේදනයක්

ඉන්ධන මිල පහළ යෑම නිසා ඉන්ධන ඇනවුම් කිරීමේ යම් ප්‍රමාදයක් ඇති වුවද වෘත්තීය ක්‍රියාමාර්ග නිසා ඉන්ධන පෝලිම් පිළිබඳව අනවශ්‍ය බියක් ඇති නොකර ගන්නා ලෙස විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා ජනතාවට දැනුම් දෙනවා.

ඉන්ධන බෙදාහැරීම අඛණ්ඩව සිදු කරන බවත් රට තුළ ප්‍රමාණවත් ඉන්ධන සංචිතයන් පවතින බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වහාම ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල පහළ දැමීමට අද (29) තිරණය කර තිබුණා. එම මිල ගණන් වලට අනුව ලංකා IOC සමාඟමද ඉන්ධන මිල පහත දමනු ලැබුවා.

ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 60කින් (ලීටරයක නව මිල රු. 340 ක්.)

ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 80කින් (ලීටරයක නව මිල රු. 325ක් )

ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රු 135කින් (ලීටරයක නව මිල රු.465ක්.)

වශයෙන් ඉන්ධන මිල පහළ ගියා.

මීට අමතරව භූමිතෙල් ලීටරයක් රු.10කින් අඩු කිරීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබුණා.

සංශෝධිත නව ඉන්ධන මිල ගණන් අද (29) රාත්‍රීයේ සිට ක්‍රියාත්මකයි.

Recent Posts

දිවයින පුරා බිඳ වැටුණු විදුලිය යථා තත්ත්වයට

දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…

2 days ago

වේදනාව, පසුතැවීම ඉතිරි කර මහ ඇතාත් යන්න ගිහින්

මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…

3 days ago

“ඉන්දිරා පිළිකා භාරය නිර්මාණය කරන්නට මූල බීජය වූ කරුණා දයාවේ ප්‍රතිමූර්තිය ඉන්දිරා”

සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…

5 days ago

අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කරයි

සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…

6 days ago

Sharing Buddhist Teachings Through Social Media and AI: The Journey of Udarsha Udakara

By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…

6 days ago