දේශීය

මියගිය සිසුවිය වෛද්‍යවරයාගේ ජීවිතය බේරයි

හදවත සහ පෙනහළු යන ශාරිරික අවයව දෙකම එකම රෝගියෙකුට එකවර බද්ධ කිරීම සඳහා ශ්‍රී ලංකාවේදී කරන ලද ප්‍රථම සැත්කම විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් විසින් පසුගියදා කොළඹ ජාතික රෝහලේදී සිදු කළේය.

මොළය මිය යාම හේතුවෙන් මරණයට පත්වූ කුරුණෑගල මලිය⁣දේව බාලිකා විදුහලේ උසස් පෙළ අධ්‍යාපනය ලැබූ 19 හැවිරිදි විහඟනා ආරියසිංහ සිසුවියගෙන් ලබා ගත් හදවත සහ පෙනහළු වෙනත් රෝගියෙකුට බද්ධ කිරීම එසේ සිදු කෙරිණි. මේ අවයව දෙකම බද්ධ කරනු ලැබුවේ හෘදය සහ පෙනහළු අකර්මණ්‍ය වීමෙන් අසාධ්‍ය තත්ත්වයක පසුවූ නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරියකට වීමද විශේෂත්වයකි.

මීට පෙර සිදු කර තිබුණේ එම අවයව වෙන වෙනම බද්ධ කිරීම වුවද එකවර එවැනි අවයව බද්ධ කිරීමේ සැත්කමක් මෙරටේදි සිදු කළ ප්‍රථම අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.

මීට අමතරව ඇයගෙන් ලබා ගත් වකුගඩු දෙකද අසාධ්‍ය රෝගීන් දෙදෙනෙකුට සාර්ථකව බද්ධ කර තිබූ අතර ඉන් එක් වකුගඩුවක් කුරුණෑගල ශික්ෂණ රෝහලේ වකුගඩු ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගියෙකුට සාර්ථකව බද්ධ කළ බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා ප්‍රකාශ කළේය. එමෙන්ම ඇයගෙන් ලබා ගත් අක්මාව සහ අක්ෂි පටලද තවත් පුද්ගලයන් තිදෙනෙකුට නීරෝගි ජීවිතයක් ලබාදී ඇත. මේ අනුව විහඟනාගේ සිරුරෙන් ලබා ගන්නා ලද අවයව කොටස් 5 කින් පුද්ගලයන් හත් දෙනෙකුටම නැවත ජීවය ලැබී තිබීමද විශේෂත්වයකි.

විහඟනා අඹන්පොළ නගරයේම පදිංචි දරුවන් තිදෙනෙකුගෙන් යුත් පවුලක බාලම දරුවා වූවාය. ඇයට වැඩිමල් එක් සොයුරියක් සහ සොයුරෙකු සිටින අතර සොයුරියද මලිය⁣දේව බාලිකාවෙන් උසස් පෙළ සමත්ව වයඹ විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටී . විහඟනා සාමාන්‍ය පෙළ විභාගය ඉහළින් සමත්ව උසස් පෙළ වානීජ විෂය ධාරාව ඉංග්‍රීසි මාධ්‍යයෙන් හැදෑරීම සඳහා කුරුණෑගල මලිය⁣දේව බාලිකා විදුහලට ඇතුළත්ව ඇත.

පසුගියදා අවසන්වූ උසස් පෙළ විභාගයටද ඇය සාර්ථකව පෙනී සිට ඇත.ඉන් පසුව හදිසියේ ඇතිවූ හිසේ අමාරුවක් හා වමනයක් හේතුවෙන් ඇය ප්‍රතිකාර සඳහා පසුගිය 17 වන දින ගල්ගමුව දිසා රෝහලට ඇතුළත් කර ඇත. එහිදී ඇගේ රෝගී තත්ත්වය බරපතළ වීම හේතුවෙන් එදිනම රාත්‍රියේ වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කරන විටද අසාධ්‍ය තත්ත්වයෙන් පසුවූ විහඟනා රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතු⁣ළත් කර ප්‍රතිකාර ලබා දුන්නද එහිදී සිහිය නොලබාම ඇය මරණයට පත්ව ඇත.

මොළයේ හටගෙන තිබූ පිළිකාවක් නිසා මොළය මිය යාම හේතුවෙන් ඇය මරණයට පත්ව තිබූ බව වෛද්‍ය පරීක්ෂණ වලින් අනාවරණය වී තිබේ. බාහිර රෝග ලක්ෂණ කිසිවක් නොපෙන්වාම හටගෙන තිබූ පිළිකාව මොළය තුළ ඔඩු දුවා තිබීමෙන් ඇයගේ මරණය සිදුව ඇති බව කියයි. පසුව පවුලේ සාමාජිකයන්ගේ කැමැත්තට අනුව විහඟනාගේ සිරුරේ අවයව අසාධ්‍ය රෝගීන්ට දන් දිමට පියවර ගෙන තිබුණි.

නමුත් ඒ වන විටද විහඟනා වයඹ විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබන තම සොයුරියද සමඟ එක්ව මරණින් පසුව සිරුරු කොටස් දන්දීම සඳහා ගිවිසුම්ගතව සිටි බවද කියයි.

” විහඟනා කියන්නේ මගේ පන්තියේ සිටිය අහිංසකම සිසුවියක්. එයා අහිංසක වගේම හරිම පරිත්‍යාගශීලි කෙනෙක්. තමන් සතු ඔීනෑම දෙයක් අනෙක් අයට නොපැකිලව දීමට තරම් පරිත්‍යාගශීලි කෙනෙක් වුණා. එයාගේ දැඩි විශ්වාසයක් තිබුණා උසස් පෙළ විභාගය හොඳින් සමත් වෙලා අක්කා වගේම විශ්ව විද්‍යාලයකට ඇතුළත් වෙලා උසස් අධ්‍යාපනයක් ලබන්න.

නමුත් ඒ දරුවාගේ වගේම දෙමාපියන්ගෙත් හීන සියල්ලම බොඳ වෙලා ගිහින් ඉවරයි. ඒත් මේ දරුවා දන් දුන්න ශාරිරික අවයව වලින් මේවනවිට රෝගී පුද්ගලයන් පස් දෙනෙකුම නීරෝගිව ජීවත් වීමට අවස්ථාව ලබා දීලා තියෙනවා. ඒ මහඟු පිනම ඇති මේ දරුවාට නැවත නීරෝගිමත් ජීවිතයක් ලබන්න..” විහඟනාගේ උසස් පෙළ පන්තිය බාරව කටයුතු කළ ලක්මිණි සමරකෝන් මහත්මිය ප්‍රකාශ කළාය.

(ගීතාංජලී ප්‍රියදර්ශනී)

Recent Posts

අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් යැවූ සම්පූර්ණ පණිවිඩය

මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…

1 day ago

නගර සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක වීමට නියමිත “Life Cities” ව්‍යාපෘතිය අගමැති ප්‍රධානත්වයෙන් ජනගත කෙරේ

2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…

2 days ago

ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top Solar ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට මූලික සාකච්ඡා ඇරඹේ

මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…

2 days ago

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන් රජයට ප්‍රසාදය

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…

4 days ago

කාදිනල්තුමා හා ජනපති අතර හමුවක්. සිරිල් ගාමිණී ඇතුළු පියතුමන්ලාත් ඇවිත්පාස්කු විමර්ශන ප්‍රගතියත් කතාබහට

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…

4 days ago

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

6 days ago