දේශීය

වැටුණු ආර්ථිකය IMF වැඩසටහන මඟින් ස්ථාවර කිරීම අරමුණයි, හාවඩ් විශ්වවිද්‍යාල හමුවේ දී ජනපති කියයි

“මහ බලවතුන්ගේ එදිරිවාදිකම් හෝ ගැටුම් ශ්‍රී ලංකාවට ඉන්දියානු හා අප්‍රිකානු වෙළඳපොළ වෙත ප්‍රවේශවීම සඳහා බාධාවක් නොවිය යුතුයි ” යන තේමාව යටතේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හාවඩ් විශ්වවිද්‍යාලය සමඟ විශේෂ සාකච්ඡාවකට අදහස් පළ කර තිබුණා.

වත්මන් ආර්ථික අර්බුදය හමුවේ ජනතාව පීඩාවට පත් වීමත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් ලැබීමත් සමඟ ශ්‍රී ලංකාවේ ඉදිරි ආර්ථික ගමන්මඟ පිළිබඳවත් හාවඩ් විශ්වවිද්‍යාලය විසින් ජනාධිපතිවරයා ප්‍රශ්න කර සිටියා.

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය, සංගිදියාව, පළාත් පාලන මැතිවරණ කල් දැමීම සහ සිවිල් හා මානව හිමිකම් පිළිබඳ දැඩි ගැටුළු කිහිපයක් ශ්‍රී ලංකාවට විසඳාගත යුතුව ඇති බව මාර්ග ගත ක්‍රමය ඔස්සේ පැවති හමුව ආරම්භ කරමින් විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සංවර්ධන මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂිකා ෆාතිමා සුමාර් මහත්මිය පෙන්වා දුන්නා.

තමන් ශ්‍රී ලංකාවේ ජනාධිපති ලෙස පත්වන විට මෙරට ජනගහනයෙන් දරිද්‍රතාවය 25%ක් වූ බවත් 500,000 කට අධික සංඛ්‍යාවකට රැකියා අහිමිව දළ දේශිය නිශ්පාදනය කඩා වැටී ඉදිහාසයේ දරුණුම ආර්ථික හා දේශපාලන අර්බුදයකට ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටි බව ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළා.

රට භාරගන්න විට අත්‍යවශ්‍ය කටයුතු සඳහා හෝ භාණ්ඩාගාරයේ මුදල් නොතිබූ බවත් හැමදාම උදේ කාර්යාලයට ගිය පසු අමතර රු.මිලියන 100-200 ක් හොයාගන්න පුළුවන් තැනක් ගැන තමන් කල්පනා කළ බවත් ජනාධිපතිවරයා පැවසුවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ අරමුදල සඳහා එකඟතාවය ලැබීමත් සමඟ අවුරුදු හතරක වැඩසටහනක් තුළින් ආර්ථික අසමතුලිතාවය, මූල්‍ය හිඟය සහ ගෙවුම් ශේෂ හිඟයට විසඳුමක් ලැබෙනු ඇති බව ජනාධිපතිවරයා පවසනවා.

ආර්ථික තිරසාරත්වය ළඟා කර ගැනීම අරමුණු කරගත් වැඩපිළිවෙළකට අනුව IMF වැඩසටහන තුළින් 2026 වන විට යම් ස්ථාවර ආර්ථිකයන් ගොඩනැගීම අපේක්ෂාව බව ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

Recent Posts

නගර සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක වීමට නියමිත “Life Cities” ව්‍යාපෘතිය අගමැති ප්‍රධානත්වයෙන් ජනගත කෙරේ

2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…

6 hours ago

ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top Solar ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට මූලික සාකච්ඡා ඇරඹේ

මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…

7 hours ago

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන් රජයට ප්‍රසාදය

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…

2 days ago

කාදිනල්තුමා හා ජනපති අතර හමුවක්. සිරිල් ගාමිණී ඇතුළු පියතුමන්ලාත් ඇවිත්පාස්කු විමර්ශන ප්‍රගතියත් කතාබහට

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…

2 days ago

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

4 days ago

Gen Z නැගිටීමේ සිට ඩිජිටල් බලය දක්වා — රංග කලංසූරියගේ ‘The Youthquake’ එළිදකී

ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…

4 days ago