දේශීය

මාධ්‍යවේදීන් හිරේ දාන්න හදන ආණ්ඩුවේ අලුත්ම ගේම (VIDEO)

ජනමාධ්‍යවේදීන් ඉලක්ක කර ගනිමින් රජය ගෙන යන මර්දන ක්‍රියාවලියේ දිගුවක් ලෙස ජනමාධ්‍යවේදීන් සහ මාධ්‍ය ආයතනවලට විරුද්ධව පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනත යටතේ කටයුතු කිරීමට රජය උත්සහ කරන බව ජනමාධ්‍යවේදීන් පවසනවා.

හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවස අසල දී මාධ්‍යවේදීන්ට ප්‍රහාර එල්ල කර එළඹෙන මාර්තු 31 වන දාට වසරක් ගත වූවද මෙතෙක් ඒ ගැන කිසිඳු පියවරක් ගෙන නොමැති බව ඔවුන් පෙන්වා දෙනවා.

“ජනමාධ්‍ය නිදහසට අත නොතබනු ” මැයෙන් වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගම් රැසක් එකතු වී ඊයේ (20) පැවැත් වූ මාධ්‍ය හමුවක දී ඔවුන් මේ බව ප්‍රකාශ කළා.

ගෙවුණු මාර්තු 31 වන දා ජනමාධ්‍යවේදීන්ට කළ ප්‍රහාරයේ පටන් ජනමාධ්‍යවේදීන් ඉලක්ක කර පහරදීම්, කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීම් , රාජකාරීවලට බාධා කිරීම , මාධ්‍ය ආයතන පිළිබඳව අපරාධ විමර්ශන ආරම්භ කිරීම, මාධ්‍යවේදීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගෙන්වීම ආදී නොයෙක් ආකාරයෙන් ජනමාධ්‍ය නිදහසට හා භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහසට රජය බලපෑම් කරමින් සිටින බව ඔවුන් අවධාරණය කර සිටියා.

මෙරට පාර්ලිමේන්තුව තමන් ගැන කතා කරන, තමන්ගේ වැරදි විවේචනය කරමින් ජනතාවට තොරතුරු සපයන මාධ්‍යවේදීන් හිරේ දැමීම සඳහා කටයුතු කරමින් සිටින බවත් ඊට අදාළ තවත් තීරණාත්මක යෝජනාවක් සියත රූපවාහිනීයේ ටෙලි වැකිය සම්බන්ධයෙන් අද (21) පාර්ලිමේන්තුට ඉදිරිපත් කිරීමට නියමිත බවත් ඔවුන් වැඩිදුරටත් පැවසුවා.

ඊට අදාළ විස්තර සහිත දර්ශන පහතින්,

Recent Posts

නන්දා මාලිනිය නිහඬ කළ හඬ | රටක් ශෝක වන දින තුනක්

ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…

4 days ago

ගොවියා සවි බල ගන්වන. සිලෝන් ග්‍රින් ලයිෆ් ප්ලාන්ටේෂන් “ජාතික ගොවි පවුර” ව්‍යාපෘතිය මොනරාගලින් අරඹයි

ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…

4 days ago

රටේ තීරණාත්මක සිද්ධියක් යන වෙලාවේ ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් කැපී පෙනෙන ලිපියක්..!

උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…

5 days ago

පනත් කෙටුම්පත් දෙකකට කථානායකගේ සහතිකය

සත්ව (සංශෝධන) සහ පාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල (සංශෝධන) යන පනත් කෙටුම්පත් සඳහා ගරු…

6 days ago

අසත්‍ය LTTE පුහුණු කඳවුරු තොරතුරු සමාජ මාධ්‍යට මුදාහළ පුද්ගලයෙකු අත්අඩංගුවට

සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝ පටයක් හා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් තහවුරු නොවූ අසත්‍ය කරුණු ප්‍රචාරය කළ…

6 days ago