ජනමාධ්‍යවේදීන් ඉලක්ක කර ගනිමින් රජය ගෙන යන මර්දන ක්‍රියාවලියේ දිගුවක් ලෙස ජනමාධ්‍යවේදීන් සහ මාධ්‍ය ආයතනවලට විරුද්ධව පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනත යටතේ කටයුතු කිරීමට රජය උත්සහ කරන බව ජනමාධ්‍යවේදීන් පවසනවා.
හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවස අසල දී මාධ්‍යවේදීන්ට ප්‍රහාර එල්ල කර එළඹෙන මාර්තු 31 වන දාට වසරක් ගත වූවද මෙතෙක් ඒ ගැන කිසිඳු පියවරක් ගෙන නොමැති බව ඔවුන් පෙන්වා දෙනවා.
“ජනමාධ්‍ය නිදහසට අත නොතබනු ” මැයෙන් වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගම් රැසක් එකතු වී ඊයේ (20) පැවැත් වූ මාධ්‍ය හමුවක දී ඔවුන් මේ බව ප්‍රකාශ කළා.
ගෙවුණු මාර්තු 31 වන දා ජනමාධ්‍යවේදීන්ට කළ ප්‍රහාරයේ පටන් ජනමාධ්‍යවේදීන් ඉලක්ක කර පහරදීම්, කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීම් , රාජකාරීවලට බාධා කිරීම , මාධ්‍ය ආයතන පිළිබඳව අපරාධ විමර්ශන ආරම්භ කිරීම, මාධ්‍යවේදීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගෙන්වීම ආදී නොයෙක් ආකාරයෙන් ජනමාධ්‍ය නිදහසට හා භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහසට රජය බලපෑම් කරමින් සිටින බව ඔවුන් අවධාරණය කර සිටියා.
මෙරට පාර්ලිමේන්තුව තමන් ගැන කතා කරන, තමන්ගේ වැරදි විවේචනය කරමින් ජනතාවට තොරතුරු සපයන මාධ්‍යවේදීන් හිරේ දැමීම සඳහා කටයුතු කරමින් සිටින බවත් ඊට අදාළ තවත් තීරණාත්මක යෝජනාවක් සියත රූපවාහිනීයේ ටෙලි වැකිය සම්බන්ධයෙන් අද (21) පාර්ලිමේන්තුට ඉදිරිපත් කිරීමට නියමිත බවත් ඔවුන් වැඩිදුරටත් පැවසුවා.
ඊට අදාළ විස්තර සහිත දර්ශන පහතින්,
දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…
මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…