සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්තය අතර පැවති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟය ඉනිමකින් සහ ලකුණු 58කින් ජයගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් වුණා.
තරඟයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරාධනයෙන් ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම කඩුලු 04ක් දැවී පළමු ඉනිම සඳහා ලකුණු 580ක් රැස කර සිටියදී සිය ඉනිම අවසන් කිරීමට තීරණය කළා.
පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 164 ක් පමණයි.
ඉනිමක පරාජයෙන් බේරීම සඳහා යළි දෙවන ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම දෙවනි ඉනිම සඳහා ලකුණු 358ක් රැස් කර ගත්තා.
ඒ අනුව දෙරට අතර පැවති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟය ඉනිමකින් සහ ලකුණු 58 කින් ජය ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් වුණා. ඒත් සමඟ ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය 2-0ක් ලෙස සත්කාරක නවසීලන්තය ජය ගත්තා.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්රික්කවල පස්වරු 1.00…
ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර පවතින දිගුකාලීන මිත්රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ දෙරට අතර ආර්ථික…
අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්රියාත්මක නොවූ ශක්තිමත් රාජ්ය පාලනයක්…
මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…