දේශීය

ලක්ෂ 41ක් පාසැල් දරුවන්ගේ මානව හිමිකම් ගැන කතාකරන්න අද කව්රුත් නෑ – අධ්‍යාපන ඇමති

අන් සියලු දෙනාගේ මානව හිමිකම් ගැන කතා කරන කිසිවෙකු ලක්ෂ 41 ක් වන පාසැල් දරුවන්ගේ මානව හිමිකම් ගැන කතා කිරීමට අද නොමැතිවීම ඛේදනීය තත්වයක් බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

පාසැල් වසා තැබීමෙන් සිරගෙවල් ඇරීමට සිදු වන කතා අද සමාජයෙන් නොඇසෙන බවත් ඡන්ද හිමිකමක් හෝ නොමැති මානව හිමිකම් ඉල්ලා හඬ නොනඟන දරුවන් වෙනුවෙන් කතාකිරීමට කිසිවෙකු ඉදිරිපත් නොවෙන බවත් අමාත්‍යවරයා පැවසුවා.

රටේ ආර්ථික ප්‍රශ්න සියලු දෙනාටම පොදු බවත් ඒ සියලු ආර්ථීක දුශ්කරතා මැද දරුවන් කුසගින්නේ නොතබා, උපකාරක පන්ති යවා වසර 13 ක් අධ්‍යාපනය ලබා දුන් දෙමාපියන්ට සිය දරුවන් උසස් පෙළ විභාගය ලියා ජීව්තයේ හැරවුම් ලක්ෂයකට පිවිස සිටින අවස්ථාවේ ඔවුන්ගේ උත්තර පත්‍ර පරීක්ෂා නොකරීමේ ඛේදවාචකයකට මුහුණ දීමට සිදුව ඇති බව අමාත්‍යවරයා ප්‍රකාශ කරනවා.

ගෝලීය වසංගත තත්වය හමුවේ ශිෂ්‍ය ප්‍රජවගේ නිපුණතා මට්ටම අධ්‍යනය කරන සමීක්ෂණයට අනුව තෙවන වසරේ ඉගෙනුම ලබන සිසුන්ගේ සාක්ෂරතා හැකියාව පිළිබඳ අධ්‍යන වාර්තාව එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

විදුලි එලිය කෑම බීම පවා නොමැතිව පාඩම් කරමින් ඉතා අපහසුවෙන් විභාගයට සූදානම් වීමට සිදූ වූ කාලයක සමාජයේ අන් අයට වඩා ප්‍රශ්නවලට මුහුණ දෙන්නට සිදු වන්නට ඇති බව වටහාගෙන මේ අවස්ථාවේ වෘත්තීය වගකීමට වඩා සමාජ වගකීම ගැන මනුෂීයව සිතා බලා ගුරුවරුන් කටයුතු කළ යුතු බව අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටියා.

Recent Posts

SAWM-SL ඩිජිටල් සමානාත්මතා AI පුහුණු වැඩමුළු සඳහා අයදුම්පත් දැන් විවෘතයි

COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…

3 days ago

LTTE සංවිධානය විසින් ඝාතනය කළ යාපනය සරසවියේ ආචාර්ය රාජිනී තිරාණගමගේ දියණිය — අද Stanford සරසවියේ ප්‍රකට මානව විද්‍යාඥවරියක්

Sharika Thiranagama යනු යුද්ධය, අවතැන්වීම, මතකය, අනන්‍යතාව සහ “නිවස” පිළිබඳ මිනිස් අත්දැකීම් අධ්‍යයනය කරන ප්‍රකට…

3 days ago

නව චීන තානාපති සහ ජවිපෙ ප්‍රධාන ලේකම් අතර හමුවක්

ශ්‍රී ලංකාවට අභිනවයෙන් පත්වූ චීන තානාපති වෙයි හුආෂියැන්ග් (Wei Huaxiang) මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ…

5 days ago

නැගෙනහිර බහලුම් පර්යන්තයේ දෙවැනි අදියරේ සංවර්ධන කටයුතුවල විෂමතා අක්‍රමිකතා රැසක් පවතිනවා – විපක්ෂ නායක

නැගෙනහිර බහලුම් පර්යන්තයේ දෙවැනි අදියරේ සංවර්ධන වැඩකටයුතු ගැන විෂමතා අඩුපාඩු ගණනාවක් ඇති බවට එහි සේවය…

5 days ago

BREAKING

22 වැනි සංශෝධනයට එරෙහි පෙත්සම් පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගැනීමේ ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරේ

7 days ago

තැඹිලි ගම්මාන 250ක් පිහිටුවීමේ ජාතික ව්‍යාපෘතිය හෙට ඇරඹේ

චමීර ඇල්ලදෙණිය ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ තැඹිලි වගාව ජාත්‍යන්තර මට්ටමට ඔසවා තබමින්, රටේ අපනයන…

7 days ago