දේශීය

ලක්ෂ 41ක් පාසැල් දරුවන්ගේ මානව හිමිකම් ගැන කතාකරන්න අද කව්රුත් නෑ – අධ්‍යාපන ඇමති

අන් සියලු දෙනාගේ මානව හිමිකම් ගැන කතා කරන කිසිවෙකු ලක්ෂ 41 ක් වන පාසැල් දරුවන්ගේ මානව හිමිකම් ගැන කතා කිරීමට අද නොමැතිවීම ඛේදනීය තත්වයක් බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

පාසැල් වසා තැබීමෙන් සිරගෙවල් ඇරීමට සිදු වන කතා අද සමාජයෙන් නොඇසෙන බවත් ඡන්ද හිමිකමක් හෝ නොමැති මානව හිමිකම් ඉල්ලා හඬ නොනඟන දරුවන් වෙනුවෙන් කතාකිරීමට කිසිවෙකු ඉදිරිපත් නොවෙන බවත් අමාත්‍යවරයා පැවසුවා.

රටේ ආර්ථික ප්‍රශ්න සියලු දෙනාටම පොදු බවත් ඒ සියලු ආර්ථීක දුශ්කරතා මැද දරුවන් කුසගින්නේ නොතබා, උපකාරක පන්ති යවා වසර 13 ක් අධ්‍යාපනය ලබා දුන් දෙමාපියන්ට සිය දරුවන් උසස් පෙළ විභාගය ලියා ජීව්තයේ හැරවුම් ලක්ෂයකට පිවිස සිටින අවස්ථාවේ ඔවුන්ගේ උත්තර පත්‍ර පරීක්ෂා නොකරීමේ ඛේදවාචකයකට මුහුණ දීමට සිදුව ඇති බව අමාත්‍යවරයා ප්‍රකාශ කරනවා.

ගෝලීය වසංගත තත්වය හමුවේ ශිෂ්‍ය ප්‍රජවගේ නිපුණතා මට්ටම අධ්‍යනය කරන සමීක්ෂණයට අනුව තෙවන වසරේ ඉගෙනුම ලබන සිසුන්ගේ සාක්ෂරතා හැකියාව පිළිබඳ අධ්‍යන වාර්තාව එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

විදුලි එලිය කෑම බීම පවා නොමැතිව පාඩම් කරමින් ඉතා අපහසුවෙන් විභාගයට සූදානම් වීමට සිදූ වූ කාලයක සමාජයේ අන් අයට වඩා ප්‍රශ්නවලට මුහුණ දෙන්නට සිදු වන්නට ඇති බව වටහාගෙන මේ අවස්ථාවේ වෘත්තීය වගකීමට වඩා සමාජ වගකීම ගැන මනුෂීයව සිතා බලා ගුරුවරුන් කටයුතු කළ යුතු බව අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටියා.

Recent Posts

Protest in Los Angeles Demands Justice for Sri Lankan Garment Worker Pushpalatha

Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…

3 days ago

ලොස් ඇන්ජලීස්හිදී ශ්‍රී ලාංකික ඇඟලුම් සේවිකාවකට යුක්තිය ඉල්ලා විරෝධතාවක්

Victoria’s Secret විලාසිතා දැක්ම අතරතුර පුෂ්පලතාගේ මරණය ගැන අවධානය යොමු කරයි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර…

3 days ago

දිවයින පුරා බිඳ වැටුණු විදුලිය යථා තත්ත්වයට

දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…

6 days ago

වේදනාව, පසුතැවීම ඉතිරි කර මහ ඇතාත් යන්න ගිහින්

මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…

7 days ago