පසුගියදා කොටුව දුම්රියපොළෙහි මීනගයා දුම්රියේ වැසිකිළියක් තුළ බිළිඳකු දමා යෑම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි යුවළ ඇපමත මුදාහැරීමට අධිකරණය අද (17) නියෝග කර තිබෙනවා.
කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් අදාළ නඩුව අද විභාගයට ගැනීමෙන් අනතුරුව එම නියෝගය ලබා දී ඇත.
බණ්ඩාරවෙල පරිවාස නිලධාරී විසින් කළ ඉල්ලීමකට අනුව දරුවාගේ පෝෂණ අවශ්‍යතා සපුරාලීම සඳහා දරුවා නැවත දෙමාපියන් වෙත ලබා දීමට අධිකරණය මෙහිදි තීරණය කර තිබෙනවා.
ඇප ලැබීමෙන් පසු අද (17) දිනය තුළ සැකකාර මව්පියන් දෙදෙනා විවාහ කිරීමට නියමිත බව දරුවාගේ මව්පියන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් අධිකරණයට පවසා තිබුණා.
අධිකරණය නියෝග කළ පරිදි සැකකාර මව්පිය යුවළගේ මව්පියන්ගේ අවධානය යටතේ සහ බණ්ඩාරවෙල පරිවාස නිලධාරීන්ගේ දැඩි අධීක්ෂණය යටතේ දරුවාගේ පෝෂණ අවශ්‍යතාව සහ ආරක්ෂාව පිළිබඳ වගකීම සැකකාර මව්පියන් දෙදෙනාට පවරා තිබෙනවා.
දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…
මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…