පසුගියදා කොටුව දුම්රියපොළෙහි මීනගයා දුම්රියේ වැසිකිළියක් තුළ බිළිඳකු දමා යෑම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි යුවළ ඇපමත මුදාහැරීමට අධිකරණය අද (17) නියෝග කර තිබෙනවා.
කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් අදාළ නඩුව අද විභාගයට ගැනීමෙන් අනතුරුව එම නියෝගය ලබා දී ඇත.
බණ්ඩාරවෙල පරිවාස නිලධාරී විසින් කළ ඉල්ලීමකට අනුව දරුවාගේ පෝෂණ අවශ්‍යතා සපුරාලීම සඳහා දරුවා නැවත දෙමාපියන් වෙත ලබා දීමට අධිකරණය මෙහිදි තීරණය කර තිබෙනවා.
ඇප ලැබීමෙන් පසු අද (17) දිනය තුළ සැකකාර මව්පියන් දෙදෙනා විවාහ කිරීමට නියමිත බව දරුවාගේ මව්පියන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් අධිකරණයට පවසා තිබුණා.
අධිකරණය නියෝග කළ පරිදි සැකකාර මව්පිය යුවළගේ මව්පියන්ගේ අවධානය යටතේ සහ බණ්ඩාරවෙල පරිවාස නිලධාරීන්ගේ දැඩි අධීක්ෂණය යටතේ දරුවාගේ පෝෂණ අවශ්‍යතාව සහ ආරක්ෂාව පිළිබඳ වගකීම සැකකාර මව්පියන් දෙදෙනාට පවරා තිබෙනවා.
ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…
ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…
උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…
සත්ව (සංශෝධන) සහ පාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල (සංශෝධන) යන පනත් කෙටුම්පත් සඳහා ගරු…
සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝ පටයක් හා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් තහවුරු නොවූ අසත්‍ය කරුණු ප්‍රචාරය කළ…